×

ඉන්දීය විවාහ උත්සවයකදී මනාලිය වෙඩිතබා පලා යයි.

ඉන්දියානු නීතියට අනුව, නොසැලකිලිමත් ලෙස සැමරුම් වෙඩි තැබීමකින්, අන් අය අනතුරට පත් කරයි නම්, ඔහුට සිර දඬුවමක් හෝ දඩයකට හෝ ඒ දෙකටම මුහුණ දීමට සිදුවනු ඇත.


උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍යක් අතරතුර මනාලිය විසින් ගිනි අවියකින් හතර වතාවක් අහසට වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වේ.

මෙම කාන්තාව තම සැමියා අසල වාඩි වී අහසට වට හතරක් වෙඩි තබන අයුරු සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැනගත හැකි අතර උත්තර ප්‍රදේශ් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, සිද්ධියෙන් පසු අතුරුදන් වූ කාන්තාවට එරෙහිව නඩු පවරා ඇති බවයි.

උතුරු ඉන්දියානු ප්‍රාන්තවල මංගල උත්සව අතරතුර වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් වන අතර බොහෝ විට එමඟින් තුවාල හා හදිසි අනතුරු මරණ පවා ඇති කර තිබේ.

ඉන්දියානු නීතියට අනුව, නොසැලකිලිමත් ලෙස සැමරුම් වෙඩි තැබීමකින්, අන් අය අනතුරට පත් කරයි නම්, ඔහුට සිර දඬුවමක් හෝ දඩයකට හෝ ඒ දෙකටම මුහුණ දීමට සිදුවනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි