×

ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට අනතුරු අඟවයි

ප්‍රශ්නය අවසන් වූවා යැයි සිතිය නොහැකි අතර ඊශ්‍රායලය කුමක් කරාවිද යන්න අවිනිශ්චිතය.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලයේ හඳුනාගත් ඉලක්ක වලට ඉරානය එල්ල කළ ප්‍රහාරයට පෙරලා ප්‍රති ප්‍රහාර දක්වන්නේ නම් ඊශ්‍රායල් භූමියට මාරාන්තික ප්‍රහාරයක් දියත් කරන බවට ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඊයේ(14)දිනයේදී නිවේදනය කර තිබේ.

ඔවුන් මෙහිදී වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගයකට සහාය නොදිය යුතු බවයි.

ගෙවුණු අප්‍රේල් මස 01වන දා සිරියාවේ සිරියාවේ ඩැමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයකට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරය හේතුවෙන් ඉරාන ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක භටයින් හත් දෙනෙකු මිය යාමට පලිගැනීමක් වශයෙන් ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කරන ලදී.

ඉරාන මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරිගේ රාජ්‍ය රුපවාහිනියට ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හරහා සියලු අරමුණු සාක්ෂාත් කර ගෙන ඇති අතර, අපගේ මතය අනුව මෙහෙයුම අවසන් වී ඇති බවත්, අපි ඉදිරියට යාමට අදහස් නොකරන බවත් ඊශ්‍රායලය හා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ප්‍රතිචාර දක්වන්නේ නම් ඊශ්‍රායලයට විශාල ප්‍රහාරයක් එල්ල කරන බවත් එක්සත් ජනපදයේ කඳවුරු ඉලක්ක කරන බවත්ය.

වසර 40 කට වැඩි කාලයක් තිස්සේ ඉරානය එහි ප්‍රධාන විරුද්ධවාදියෙකු ලෙස ඊශ්‍රායලය සමඟ යුද්ධයට යාම ගැන කතා කරන අතර ඊශ්ගු‍රායලයට එල්ල කළ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන නගර කිහිපයක සැමරුම් උත්සව පවා පවත්වා තිබිණ.

ප්‍රශ්නය අවසන් වූවා යැයි සිතිය නොහැකි අතර ඊශ්‍රායලය කුමක් කරාවිද යන්න අවිනිශ්චිතය.

ඉරාන ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු X හි කෙටි ප්‍රකාශයක් ලෙස සඳහන් කර තිබුණේ, අපි බාධා කළා. අපි අවහිර කළා. අපි එකතුවෙලා දිනනවා යනුවෙනි.

ඉරානය විසින් ඊශ්‍රායල් භූමියට එල්ල කරන ලද මිසයිල හා ඩොන ප්‍රහාර වලින් 99% ඊශ්‍රායලය ඇමරිකාව හා එක්ව විනාශ කළ බව තහවුරු කළ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක ප්‍රධානී Yoav Gallant රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූයේ ඉරානය සමඟ ගැටුම තවමත් අවසන් නොමැති බවත්, ඉරාන ප්‍රහාර වලට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි