×

ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාරයක් දියත් කළ බව ඇමරිකාව කියයි.

එනමුත්, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති අතර ඉරානය ප්‍රහාරයේ මූලාශ්‍රය හඳුනාගෙන නොමැත.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය ඉරානයට මිලිටරි ප්‍රහාරයක් දියත් කර ඇති බව එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබේ.

එනමුත්, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති අතර ඉරානය ප්‍රහාරයේ මූලාශ්‍රය හඳුනාගෙන නොමැත.

ඉරාන නිලධාරියෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ගුවන් ආරක්ෂකයින් විසින් ඩ්‍රෝන යානා තුනක් අල්ලා ගත් බවත් මිසයිල ප්‍රහාරයක් පිළිබඳ වාර්තා නොමැති බවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ස්ථාන ආරක්ෂිත බවත්ය.

අප්‍රේල් මස 01වන දා සිරියාවේ සිරියාවේ ඩැමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයකට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරය හේතුවෙන් ඉරාන ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක භටයින් හත් දෙනෙකු මිය යාමට පලිගැනීමක් වශයෙන් ඉරානය විසින් පසුගිය සති අන්තයේදී ඊශ්‍රයලය වෙත දැවැන්ත මිසයිල හා ඩොන ප්‍රහාර එල්ල කළ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායලයේ හඳුනාගත් ඉලක්ක වලට ඉරානය එල්ල කළ ප්‍රහාරයට පෙරලා ප්‍රති ප්‍රහාර දක්වන්නේ නම් ඊශ්‍රායල් භූමියට මාරාන්තික ප්‍රහාරයක් දියත් කරන බවයි.

වසර 40 කට වැඩි කාලයක් තිස්සේ ඉරානය එහි ප්‍රධාන විරුද්ධවාදියෙකු ලෙස ඊශ්‍රායලය සමඟ යුද්ධයට යාම ගැන කතා කරන අතර ඊශ්ගු‍රායලයට එල්ල කළ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන නගර කිහිපයක සැමරුම් උත්සව පවා පවත්වා තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි