×

ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කරයි

මේ වන විට එක්සත් ජනපදය හා කටාරය මැදිහත්ව ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ අරමුණෙන් දින හතරක කාලයක් වෙනුවෙන් සටන් විරාමයක් ක්‍රියාත්ම වේ.


ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ හමස් ප්‍රහාර හා ඊශ්‍රයල ප්‍රාණ ඇපකරුවන් 200කට අධික ප්‍රමාණයක් ගෙනයාම හේතුවෙන් ඊශ්‍රායලය අත්අඩංගුවට ගෙන සිරි පලස්තීන සිරිකරුවන් පිරිසක් අතරින් 39 දෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වේ.

මේ වන විට එක්සත් ජනපදය හා කටාරය මැදිහත්ව ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ අරමුණෙන් දින හතරක කාලයක් වෙනුවෙන් සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 300කට අධික ලැයිස්තුවකින් මෙම පිරිස නිදහස් කර තිබේ.

නිදහස් වූ පිරිස අතර බටහිර ඉවුරේ බෙයිතුනියා මුරපොල හරහා කාන්තාවන් 24 දෙනෙකු සහ නව යොවුන් වියේ පිරිමි ළමයින් 15 දෙනෙකු සිට ඇති අතර ඔවුහු ගල්මුල්වලින් පහරදීමේ සිට මිනීමැරීමට තැත් කිරීම දක්වා විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්ව සිටියහ. මෙලෙස ඊශ්‍රායලය භාරයේ සිටිනා තවත් ප්‍රාණ ඇපකරුවන් 113 දෙනෙකු නිදහස් කරණු ඇත.

හමාස් සංවිධානය විසින් ද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු නිදහස් කර ඇති අතර තවත් 37 දෙනෙකු නිදහස් කිරීම අපේක්ෂා කෙරේ.

සටන් විරාමයත් සමඟ ඊයේ(24)දිනයේදී ඊජිප්තුවේ සිට වෛද්‍ය සැපයුම්, ඉන්ධන සහ ආහාර රැගත් ලොරි රථ 60ක් පමණ ගාසා තිරයට ඇතුළු වී තිබු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි