×

දකුණු ගාසාහි එක්සත් ජාතීන්ගේ සහන මධ්‍යස්ථානයකට ප්‍රහාර; හය දෙනකු මරුට

ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 31,341ක් මිය ගොස් 73,134ක් තුවාල ලබා තිබේ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA) විසින් පවත්වාගෙන යනු ලබන දකුණු ගාසා හි රෆා ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට අද(13)උදැසන එල්ලවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම අහාර ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් විශාල ජනකායක් රැස්වන ප්‍රදේශයක් වන කුවේට් වටරවුමේ සිටි සාගින්නෙන් පෙළෙන සිවිල් වැසියන් සමූහයකට ඊශ්‍රායල හමුදා විසින් මාරාන්තික වෙඩි තැබීමක්ද කර ඇති අතර ඉන් 83 දෙනෙකු තුවාල ලබා තිබේ.

UNRWA එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයට නැවත නැවතත් ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇති අතර යුද්ධය ආරම්භයේ සිටම ගාසා තීරයේ දේශසීමා හරස් මාර්ග පාලනය කරන ඊශ්‍රායලය හමුදාව එක් ප්‍රවේශ ස්ථානයක් පමණක් විවෘත කර ඇති අතර ට්‍රක් රථ හරහා ගමන් කිරීම සඳහා නිමක් නැති පරීක්‍ෂණ ක්‍රියා පටිපාටි පනවා තිබීම විශාල කරදරයක් වන බවයි UNRWA පවසා ඇත්තේ,

අවම වශයෙන් මිලියන භාගයක් හෝ ගාසා තීරයේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු සාගතයට මුහුණ දෙන බව එක්සත් ජාතීන් පවසා ඇති අතර ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා වාර්තා කළේ, ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 31,341ක් මිය ගොස් 73,134ක් තුවාල ලබා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි