×

ප්‍රතික්ෂේපය බලාපොරොත්තුව කර ගත් මිනිසා – Jack Ma

ලෝ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ ජීවිත කතාව


”අද දුෂ්කර වනු ඇත, හෙට එය වඩාත් නරක අතට පත් විය හැක. නමුත් නුදුරේ දිනක නැවත හිරු පායනු ඇත. ඒ නිසා කිසිදිනක බලාපොරොත්තු අතහැර දමන්න එපා.” මේ කතාව කියන්නේ වර්තමානයේ ලෝකයේම ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් සහ චීනයේ ඉන්ටර්නෙට් කර්මාන්තයේ ඉහළින්ම සිටින පුද්ගලයා. ඔහු ජැක් මා. ජැක් මා කියන්නෙ AlibabaE-commerce හි නිර්මාතවරයා. එසේම ජැක් මා යනු චීනයේ සිටින මුල්ම ධනපතියන් සහ ව්‍යාපාරිකයන් අතර පස් දෙනා අතර සිටින පුද්ගලයෙක්.

අද වන විට ඔහුගේ වත්කම්වල ශුද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 33.8 ක් වේ. සියලු ප්‍රතික්ෂේප වීම්වලදී බලාපොරොත්තු සහගත වීම ජීවිතයේ ප‍්‍රශ්නවලින් පැනල යන මිනිසුන්ට දිය හැකි හොඳම පිළිතුර වන්නේ ජැක් මාගේ ජීවිත කතාවයි. මේ ඒ කතාව. 1964 වසරේ චීනයේ දකුණු නැගෙනහිර කොටසේ හැංග්ෂු නම් ගමේ ජැක් මා උපත ලබනවා. අද ජැක් මා ලෙස ලෝකයම හඳුනන චරිතයක් වුවත් ඔහුගේ මුල් නම වන්නේ මා යුන් ඒ.කේ.ඒ. මා පවුලේ වැඩිමල් දරුවා වූ ජැක් හට සහෝදරියන් දෙදෙනකු සිටිනවා. ජැක් මාගේ පියා නාට්‍ය ශාලාවක සේවය කරනවා. මධ්‍යම පාංතික පවුලක් වුවත් ඔවුන් ගත කරන්නේ ආර්ථික අතින් ඉතා දුෂ්කර වූ ජීවිතයක්.

 මේ කාලයේදී ජැක්-මා විසින් ඔහුගේ මිතුරන් 17 දෙනකු සමඟ e-commerce සේවයක් e-commerce startup ආරම්භ කරනවා. එය නම් කරන්නේ Alibaba ලෙස. ආරම්භ වෙන්නේ ජැක් ජීවත් වූ කුඩා කුලී නිවසෙන්. එහෙත් එකදිගට මහන්සි වී වැඩ කිරීමේ ප‍්‍රථිපලයක් ලෙස 1999 වසර වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ආයෝජනයක් Alibaba සමාගමට ලැබෙනවා.

ජැක් මාගේ පාසල් කාලය තුළ ඔහුට අත්විඳින්නට වන්නේ ඉතා අමිහිරි අත්දැකීම්. කිසිදු විෂයකට සුවිශේෂී දක්ෂතාවයක් නොදක්වන ජැක් මා පාසලේ ප‍්‍රසිද්ධ වන්නේ දඩබ්බර, හිතුවක්කාර චරිතයක් විදිහට. නමුත් ජැක් කියන්නෙ අමුතු අදහස් තිබුණු පුද්ගලයෙක්. ඒ නිසාම බොහෝ දෙනෙක් ඔහුව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඔහුට වරින් වර පාසල් තුනකට මාරු වෙන්න සිදු වෙනවා. ජැක් මේ කිසිවක් එතරම් ගණනකට ගන්නේ නැහැ. ප‍්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය තුළ දිගින් දිගටම අසාර්ථක සිසුවෙකු වුවත් ජැක් කුඩා කුඩා කළ සිටම ඉංග‍්‍රීසි භාෂාව ඉගෙන ගන්න දැඩි උනන්දුවක් දක්වනවා. ප‍්‍රාථමික පාසලේදී දෙවරක් අසමත් වන ජැක් ද්වීතියික පාසලේදී තෙවරක් අසමත් වෙනවා.

ඒ වගේම විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගයට දෙවරක් පෙනී සිටියත් ඔහු සමත් වෙන්නේ තුන්වන අවස්ථාවේදී. ඒ වගේම හාර්වඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නට ඔහු දස වරක් අයදුම් කරනවා. ඒ සියලූ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප වෙනවා. කෙසේ වුවත් අවසානයේදී ඔහු හොංෂු හි සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී ඉංග‍්‍රීසි ගෞරව උපාධියක් හිමි කරගන්නවා. එහෙත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ගෙවන ජීවිතය ඔහුට ලෙහෙසි පහසු වන්නේ නැහැ. උපාධිය රැකියාවකට සුදුසුකමක් වෙන්නේ නැහැ. එනිසා ඔහු සතු එකම වත්කම වූ උපාධියත් අරගෙන රැකියාවක් සොයාගන්න උත්සහ කරනවා. මේ විදිහට වසර තුනක කාලයක් ගත වුණත් ජැක් ට රැකියාවක් සොයා ගන්න ලැබෙන්නෙ නැහැ. “මම පොලීසියට බැදෙන්න උත්සහ කළා. ඒ සඳහා 5දෙනකු සම්මුඛ පරීක්ෂණයකට ලක් කළා. ඉතිර හතර දෙනාම තේරුණා. නමුත් ඔවුන් මාව ප‍්‍රතික්ෂේප කළා. ඔහුන් ඒ වගේ රස්සාවකට ගැළපෙන්නේ නැහැ කියලා මාව එලව ගත්තා. දෙවනුව මම කේඑෆ්සී සමාගමට අයැදුම් කළා.

එතන මා සමඟ තවත් 23දෙනෙක් අයැදුම් කර තිබුණා. නමුත් තේරුණේ 23 දෙනයි. එතනින් ප‍්‍රතික්ෂේප වුණේ මම විතරයි. එහෙම වන බව මම දන සිටියා. නමුත් මම ඒකට මුහුණ දුන්නා.” ජැක් ඒ අතීතය සිහිපත් කරන්න ඒ විදිහට. අවසානයේදී ඔහුට ඉගෙන ගත් විශ්වවිද්‍යාලයේම ඉංග‍්‍රීසි ගුරුවරයකු ලෙස රැකියාවක් ලැබෙනවා. ඒ මසකට ඩොලර් 12ක වැටුපක් සමඟ. ඒ සමඟම ජැක් එම නගරයේ හොඳම ඉංග‍්‍රීසි ගුරුවරු 10 දෙනා අතරට තේරී පත් වෙනවා. මේ කාලයේදී ඔහුට ඇමෙරිකාවේ සංචාරයකට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ 1995 වසරේදී. එම ගමනේදී Internet යන වචනය ඔහුට අසන්නට ලැබෙනවා. ජැක් ගේ ජීවිතය වෙනස් වන්නට පටන්ගැනෙන්නේ මේ සමඟ. යළි චීනයට පැමිණෙන ජැක් චීන සමාගමකට වෙබ් අඩවියක් නිර්මාණය කර දෙනවා.

ඒ ජැක්ගේ ඇමෙරිකානු මිතුරෙකුගේ මාර්ගයෙන්. මේ කාලයේදී ජැක්-මා විසින් ඔහුගේ මිතුරන් 17 දෙනකු සමඟ e-commerce සේවයක් e-commerce startup ආරම්භ කරනවා. එය නම් කරන්නේ Alibaba ලෙස. ආරම්භ වෙන්නේ ජැක් ජීවත් වූ කුඩා කුලී නිවසෙන්. එහෙත් එකදිගට මහන්සි වී වැඩ කිරීමේ ප‍්‍රථිපලයක් ලෙස 1999 වසර වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ආයෝජනයක් Alibaba සමාගමට ලැබෙනවා. ඒ සමඟම දිගින් දිගටම Alibaba වෙත ආයෝජන ගලාගෙන ඒම ආරම්භ වෙනවා. අද Alibaba කියන්නෙ ලෝකයේ අංක එකේ ව්‍යාපාරික ආයතනයෙක්. එහි හිමිකරු ජැක් මා කියන්නේ අරමුණු, බලාපොරොත්තු, සිහින අත් නොහැර තමන් ගැන පමණක් විශ්වාසය පමණක් අතැතිව ජීවිතයේ ඉහලටම පා නැගූ මිනිසෙක්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි