×

කෙන්යාවේ මතභේදාත්මක සෞඛ්‍ය රක්ෂණ බද්ද!

සටහන – නිපුනි ලියනගේ ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෙන්යානු අභියාචනාධිකරණය කලින් පනවා තිබූ තහනම අවලංගු කරමින් මතභේදාත්මක සෞඛ්‍ය රක්ෂණ බද්දක් සඳහා අවසර ලබා දී තිබේ. කෙන්යා ජනපති විලියම් රූටෝගේ ප්‍රධාන ප්‍රතිපත්තිවලින් එකක් වන සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) සියලු කෙන්යානුවන්ට දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් සැපයීමට උත්සාහ කරයි. නමුත් එය නව බද්දක් ලෙස දකින බොහෝ […]


සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෙන්යානු අභියාචනාධිකරණය කලින් පනවා තිබූ තහනම අවලංගු කරමින් මතභේදාත්මක සෞඛ්‍ය රක්ෂණ බද්දක් සඳහා අවසර ලබා දී තිබේ.

කෙන්යා ජනපති විලියම් රූටෝගේ ප්‍රධාන ප්‍රතිපත්තිවලින් එකක් වන සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) සියලු කෙන්යානුවන්ට දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් සැපයීමට උත්සාහ කරයි.

නමුත් එය නව බද්දක් ලෙස දකින බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්ව ඇත.

පසුගිය වසරේ විරෝධතා රැල්ලක් ඇවිලවූ ජීවන වියදම් අර්බුදය මෙමඟින් උග්‍ර වනු ඇතැයි විචාරකයෝ පවසති.

මෙම යෝජනා ක්‍රමයේ කොටස් අභියෝගයට ලක් කරමින් ව්‍යාපාරික ජෝසප් ඉනොක් ඕරා විසින් කරන ලද පෙත්සමකට අනුව පසුගිය නොවැම්බරයේ මහාධිකරණය විසින් සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) ක්‍රියාත්මක කිරීම නතර කරන ලදී.

මෙය, ආන්දෝලනාත්මක නිවාස බද්දක් අත්හිටුවීමත් සමඟම, ජනාධිපති රූටෝ, මෑතකදී සමහර නම් නොකළ විනිසුරුවරුන්ට දූෂණ චෝදනා ප්‍රසිද්ධියේ එල්ල කළේය. තම ආණ්ඩුවේ ව්‍යාපෘති අවහිර කිරීමට අධිකරණය විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් නීතිඥවරුන්ගේ විරෝධතා මතුව ඇති බවත් ඔහු පැවසීය.

සමාජ සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (SHIF) දශක ගනනාවක් පැරණි ජාතික සෞඛ්‍ය රක්‍ෂණ අරමුදල (NHIF) වෙනුවට ආදේශ කරනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි