×

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ කිරීමට අවශ්‍යවන බැවින් ජාතික විමර්ශන ඒජන්සිය( NIA) විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් නිර්දේශ කර තිබේ.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දිල්ලි මහ ඇමති සහ ආම් ආද්මි පක්ෂයේ (AAP) ප්‍රධානී අරවින්ද් කෙජ්රිවාල් තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් දේශපාලන අරමුදල් ලබා ගත් බවට දිල්ලි ලුතිනන් ආණ්ඩුකාර වීකේ සක්සේනා චෝදනා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ‘සික්ස් ෆෝ ජස්ටිස්’ (SFJ) වෙතින් දේශපාලන අරමුදල් ලබා ගත් බවට වන චෝදනා පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ චෝදනා බරපතල ඒවා වන අතර ඒවා සනාථ කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ආම් ආද්මි පක්ෂයේ අමාත්‍ය සවුරබ් භාරද්වාජ් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, භාරතීය ජනතා පක්ෂයේ (BJP) නියමය මත කෙජ්රිවාල්ට එරෙහි තවත් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් 2024 මැතිවරණයේ මොදිගේ පක්ෂයට ජාතික අගනුවර ආසන හතම අහිමි වීමට නියමිත බැවින් මෙවැනි කුමන්ත්‍රණ දියත් කරන බවයි.

සීක් ෆෝ ජස්ටිස් සංවිධානය මාර්තු මාසයේදී කෙජ්රිවාල්ට එරෙහිව බරපතල චෝදනා එල්ල කළ අතර එම චෝදනා එල්ල වූයේ ත්‍රස්තවාදියෙකුගෙනි. මේවා දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ කිරීමට අවශ්‍යවන බැවින් ජාතික විමර්ශන ඒජන්සිය( NIA) විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් නිර්දේශ කර තිබේ.

දිල්ලි සුරාබදු ප්‍රතිපත්තියට සම්බන්ධ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ මාර්තු 21 වන අත්අඩංගුවට ගනු ලැබූ දිල්ලි මහා ඇමතිවරයා තිහාර් බන්ධනාගාරයේ රඳවා ඇත. මැතිවරණය හේතුවෙන් අතුරු ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් කෙජ්වල්ගේ අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කියා තිබුණේ, මැතිවරණය හේතුවෙන් කෙජ්රිවාල්ට අතුරු ඇප ලබා දීමේ ප්‍රශ්නය සලකා බැලිය හැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි