×

චාල්ස් රජු සිය පළමු නත්තල්දින කතාවෙන් අසල්වාසීන්ට ත්‍යාගශීලීව ආහාර පරිත්‍යාග කරන අයට සිය ප්‍රණාමය පුද කරයි

චාල්ස් රජුගේ නත්තල් දින පණිවුඩය පුරාම විශේෂ අවධානය යොමු වූයේ අවශ්‍යතා ඇති මිනිසුන්ට උපකාර කරන අය කෙරෙහිය.


වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ චාල්ස් රජු විසින් කරන ලද පළමු නත්තල් දින කතාවේදී ජීවන අර්බුදය හේතුවෙන් තම පවුල් පෝෂණය කිරීමට වෙහෙසෙන, මෙන්ම සිය අසල්වාසීන් වෙනුවෙන් ත්‍යාගශීලීව ආහාර ලබා දෙන අපූරු කරුණාවන්ත පුද්ගලයින්ට රජු විශේෂයෙන් සිය ප්‍රණාමය පුද කර තිබේ.

විශේෂයෙන්ම චාල්ස් රජු ආහාර අවශ්‍යතා සහිත අයට ආහාර බැංකු වැඩසටහන මෙන්ම නිවාස නොමැති අය වෙනුවෙන් උපකාර කිරීම පිළිබඳවද මෙහිදී සඳහන් කර තිබේ. එමෙන්ම හදිසි සේවා, ගුරුවරුන් සහ සෞඛ්‍ය හා සමාජ සත්කාරක කාර්ය මණ්ඩලයට රජු ප්‍රශංසා කර ඇති අතර, නත්තල අපට අහිමිවූවන් වෙනුවෙන් වේදනාකාරී කාලයක් බව ප්‍රකාශ කළ රජතුමා සිය නැසීගිය මව, දිවංගත රැජින මගේ ආදරණීය පියා සමඟ තැන්පත් කර ඇති ස්ථානයට සමීපව සිටිමින්, මවගේ දෙවියන් පිළිබඳව ඇති විශ්වාසය හා ජනතාව පිළිබඳව ඇති විශ්වාසය පිළිබඳ කතා කරනු ලැබීය.

ඒ අනුව, චාල්ස් රජුගේ නත්තල් දින පණිවුඩය පුරාම විශේෂ අවධානය යොමු වූයේ අවශ්‍යතා ඇති මිනිසුන්ට උපකාර කරන අය කෙරෙහිය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි