×

ජීවිතයේ සීමා පසුකර යා යුතුයි – Larry Ellison

ලෝ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ ජීවිත කතාව


ලෝකයේ පිරිසක් ධනවතුන් ලෙස ඉපදෙන විට තවත් පිරිසක් දුප්පත්ව ඉපදෙනවා. ඒත් දුප්පතුන් ලෙස ඉපදෙන සියලූ දෙනා දුප්පතුන් ලෙසම මිය යන්නේ නැහැ. ඒ අතර ”දුප්පතකු වී ඉපදීම ඔබේ වරදක් නොවූවත් දුප්පතකු වී මිය යාම ඔබේ වරදක්” කියන සුප‍්‍රසිද්ධ කියමන පාඩමක් කරගත් මිනිසුන් වෙනවා. ඔවුන් ඉතා දුප්පත්ව ඉපදුනත් දිවා ? නොබලා වෙහෙසෙමින්, දක්ෂතාව සහ වාසනාව උරගා බලනවා.

සුප‍්‍රසිද්ධ Oracle මෘදුකාංග සමාගමේ නිර්මාතෘ ලැරී එලිසන් කියන්නෙත් දුප්පත්ව ඉපිද ලොව සුපිරි ධනවතුන් පස් දෙනා අතරට පැමිණි පුද්ගලයෙක්. 2017 වසරේ පළමු කාර්තුවේ Forbes සඟරාව නම් කර ඇති ලොව බිලියනපතියන් අතර පස් වැන්නා වන්නේ ලැරී. 2018 වසර ආරම්භ වන විට ලැරී සතු වත්කම් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 60.8ක්. ලැරී එලිසන් බිලියනපතියෙක් වීමේ මාර්ගය මලින් සරසා තිබූවක් වන්නේ නැහැ. මේ ලොව සුපිරි ධනවතුන් දස දෙනා අතර සිටින ලැරී එලිසන්ගේ කතාව. ලෝරන්ස් ජෝශප් ලැරී එලිසන් උපත ලබන්නේ 1944 අගෝස්තු මාසයේ 17 වනදා.

ඒ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ. ලැරීට මාස 09ක් වන විට ඔහුගේ මවට මාරාන්තික නිව්මෝනියා රෝගය වැලඳෙනවා. මේ නිසා ඇය ලැරීව හදා වඩා ගැනීම සඳහා ඥාතීන් දෙදෙනකුට භාර දෙනවා. ඒ වගේම ජීවිතයේ කිසි දිනක ලැරීට තමන්ගේ පියා කවුරුන්දැයි දැනගන්නට ලැබෙන්නේ නැහැ. තමන්ගේ නියම දෙමව්පියන් තමන් හදා ගන්නා දෙමව්පියන් නොවන බව ලැරී දැන ගන්නේ වැඩිහිටියෙකු වූ පසුවයි. ලැරීගේ භාරකාර මවුපියන් දුප්පත් වුවත් ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඔවුන්ට හැකි වෙනවා.

මේ අතරේ උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එහෙත් අවාසනාවකට එහි දෙවන වසරේ ඉගෙන ගනිමින් සිටිය දී ලැරීගේ හදාගත් මව මිය යනවා. ඒ සමඟම ලැරීට ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අතහැර දමන්නට සිදු වෙනවා. ඉන් පසුව ඔහු චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවත් එක අධ්‍යයන වාරයකින් පසු එම විශ්වවිද්‍යාලයටත් සමු දෙන්නට ලැරීට සිදු වෙනවා. ඒ විවිධ අපහසුතාවන් නිසා.

 2017 වසරේ පළමු කාර්තුවේ Forbes සඟරාව නම් කර ඇති ලොව බිලියනපතියන් අතර පස් වැන්නා වන්නේ ලැරී. 2018 වසර ආරම්භ වන විට ලැරී සතු වත්කම් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 60.8ක්.

අනතුරුව බෑගයට ඇඳුම් කිහිපයක් දමා ගන්නා ලැරී, ළඟ ඉතුරුව තිබූ ඉතාම සුළු මුදල අතැතිව පාරට බසින්නේ රැකියාවක් සොයා ගැනීමේ අරමුණින්. ඒ අනුව, දශකයක පමණ කාලයක් ඔහු ආයතන කිහිපයක්ම රැුකියාවන්හි නිරත වෙනවා. මේ අතරතුර කාලයේ දී ඔහු පරිගණක පිළිබඳව මනා දැනුමක් ලබා ගන්න සමත් වෙනවා. අවසානයේ දී ඔහුට Amdahl Corporation හි පරිගණක ක‍්‍රියාකරුවෙකු ලෙස කටයුතු කරන්න ලැබෙනවා. එම සමාගමේ කටයුතු කරන අතරම එහි තවත් සාමාජිකයන් දෙදෙනකු සමඟ මෘදුකාංග සංවර්ධන පර්යේෂණාගාරයක් ආරම්භ කරන අතර 1977 වසරේ දී Oracle මෘදුකාංග සමාගමේ නිර්මාණය කරන්නේ CIA සංවිධානය සඳහා වන කොන්ත‍්‍රාත්තුවක් ලෙසයි.

එහි ප‍්‍රධානම මෘදුකාංගය Oracle Database Management Syatem නැමති දත්ත ගබඩා හා දත්ත අවශ්‍ය ආකාරයට පෙරා සකසා ඉදිරිපත් කළ හැකි දත්ත ගබඩා කළමණාකරන මෘදුකාංගයකි. ආරම්භයේ දී සේවකයන් 10කටත් අඩු ප‍්‍රමාණයක් සිටියා සේම වසරකට ඔවුන්ට මිලියනයක් හෝ උපයන්න ලැබෙන්නේ නැහැ. එහෙත් 1981 වසරේ දී IBM පෞද්ගලික පරිගණක ආයතනය Oracle මෘදුකාංගය භාවිතා කිරීමට ගිවිසුම් අත්සන් කිරීමත් සමඟම ඊළඟ වසර හත ඇතුළත දී සමාගමේ ආදායම වසරකට දෙගුණය ගණනේ වැඩි වෙනවා. මේ සමඟම ලැරී සමාගමේ නම වෙනස් කරනවා ඒ Oracle Corporation ලෙස. පරිගණක මඟින් කටයුතු සිදු කරන සමාම්වලට නැතුවම බැරි මෘදුකාංගයක් වන මෙය Oracle Corporation හි ප‍්‍රධාන ආදායම් මාර්ගය වනවා.

එය කොතරම් ලාභදායී ද යත් කලක් ලොව ලාභදායීම මෘදුකාංග සමාගම බවට පත් වන්නේ ලැරී එලිසන්ගේ ඔරැකල් සමාගම. ”ජීවිතය කියන්නේ සංචාරයක්. ඒ සංචාරයේ දී බොහෝ සීමා පසු කර යා යුතුයි. දුෂ්කරතා ගැන ඒ හැර තැවෙමින් සිට පළක් නෑ. එහෙම වුණොත් ජීවිතය කියන සංචාරය එක තැන නවතිනවා” 74 හැවිරිදි වියේ පසු වන හැරී එලිසන්ගේ සාර්ථකත්වයේ සංචාරය සිදු වන්නේ ඒ විදිහටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි