ජෛව ගඩොල් යනුවෙන් නම් කර ඇති මේ ගඩොල් විශේෂය සැකසීම සඳහා මිනිස් මුත්‍රාවලට අමතරව වැලි සහ බැක්ටීරියා යොදාගෙන ඇත. liquid-gold-students-make-worlds-first-brick-out-of-human-urine
ගඩොලට භාවිත කර තිබෙන්නේ පිරිමින්ගේ මුත්‍රා ය. එම මුත්‍රා විශේෂිත ආකාරයකට සකසා ගත් බව සඳහන් වේ. ගඩොල නිපදවීමට අවශ්‍යය අමුද්‍රව්‍යය අච්චුව තුළ බහා එම අච්චුව කාමර උෂ්ණත්වයේ තැබීම පමණක් සෑහෙන බව පැවසේ. සම්ප්‍රදායික ගඩොල් තැනීමේදී මෙන් පෝරණුවක දමා ගඩොල් පුළුස්සා ගැනීමක් මෙහිදී සිදු නොවේ. ජෛව ගඩොල සැකසීමේ ක්‍රියාවලියේදී නයිට්‍රජන් සහ පොටෑසියම් අතුරු නිෂ්පාදන හැටියට ලැබෙන බවත් පර්යේෂකයෝ පවසති.
ගඩොල නිර්මාණය කර තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකි. ඔවුන්ගේ පර්යේෂණයේ අධීක්ෂකවරයා හැටියට කටයුතු කළ ආචාර්ය ඩිලෝන් රැන්ඩල් පවසන්නේ ජෛව ගඩොල් නිෂ්පාදනයේදී අපද්‍රව්‍ය ලෙස බැහැර කෙරෙන ද්‍රව්‍යය ගෙන තවත් දේ නිෂ්පාදනය කිරීමට යොමුවිය හැකි බවකි.
ඇමෙරිකාවේ විද්වතුන් ද මිනිස් මුත්‍රා භාවිත කර ගඩොල් සැකසීම මෙයට පෙර අත්හදා බලා ඇති බව සඳහන් වේ. එසේ වුවත් එවැන්නක් සාර්ථක කර ගන්නට සමත් වුණේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්වවිද්‍යාලයේ මෙම විද්වතුන් පිරිස පමණි.
ජෛව ගඩොල් සකසා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ මයික්‍රෝබයල් කාබනේට් අවක්ෂේපය ඇති කරගැනීමේ ක්‍රමවේදය බව රැන්ඩල් පවසයි. එය, මුහුදු බෙල්ලන් ඇතිවීමේදී ස්වභාවයෙන්ම සිදුවන ක්‍රියාවලියට සමානම ක්‍රියාවලියක් යැයි පැවසේ. යුරිනේස් නමැති එන්සයිමය ඇතිකරන බැක්ටීරියා වැලිවල ඇත. එම වැලි, මුත්‍රා සමඟ මිශ්‍ර කළවිට මුත්‍රාවල ඇති යූරියා බිඳ හෙලීමක් සිදු වේ. එමඟින් කැල්සියම් කාබනේට් ඇති වේ. කැල්සියම් කාබනේට් වැලි මත ක්‍රියා කරන්නේ සිමෙන්ති මෙනි. වැලි අංශු එකට බැඳී හැඩයක් ඇති කෙරෙන්නේ එමඟිනි.
අප දැනට පාවිච්චියට ගන්නා සාමන්‍යය ගඩොල් සෙන්ටිග්‍රේඩ් අංශක 1,400ක පමණ උෂ්ණත්වයක් සහිත පොරණුවල බහා පුළුස්සා ගත යුතුය. එවැනි පිළිස්සීමක් කරන විට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කෙරේ. එහෙත් ජෛව ගඩොල් තනන්නට තාප ශක්තිය ලබාදීමක් කොහෙත්ම අවශ්‍යය නැත. ඉතා ශක්තිමත් ගඩොල් තනා ගැනීමට නම් බැක්ටීරියා සුළු ප්‍රමාණයක් යෙදීම ප්‍රමාණවත් බව ආචාර්ය රැන්ඩල්ගේ අදහසයි.
පොහොර නිෂ්පාදනය සඳහා මුත්‍රා එකතු කරගැනීමේදී භාවිතයට ගැනෙන මුත්‍රා කුටි ප්‍රයෝජනයට ගනිමින් මුත්‍රා එකතු කරගත හැකි බව පර්යේෂකයෝ පවසති. පොහොර නිෂ්පාදනයට යොදා ගැනීමෙන් පසු බැහැර කෙරෙන මුත්‍රා, ජෛව ගඩොල් තැනීමට භාවිතයට ගත හැකි යැයි කියාත් පර්යේෂකයෝ සඳහන් කරති.
ආචාර්ය රැන්ඩල්, මිනිස් මුත්‍රා හඳුන්වන්නේ “රන් දියරය” වශයෙනි. ජලය, නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් අඩංගුව තිබීම නිසා මිනිස් මුත්‍රා නොයෙකුත් දෑ නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් හැටියට යොදාගත හැකිවීම එලෙස හැඳින්වීමට හේතු වී ඇත.