×

පුටින්ට බ්‍රසීලයේ ආරක්ෂාව; එළඹෙන G20 සමුළුවට ලුලගෙන් ආරාධනා

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය බ්‍රසීල ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් අදහස් විමසා ඇතිමුත්, ඔවුන් මේ සම්බන්දයෙන් අදහස් දක්වා නොමැති බව වාර්තා කෙරේ.


බ්‍රසීලයේ අනුග්‍රහයෙන් 2024 වසරේ රියෝ ද ජැනයිරෝ හි පැවැත්වීමට නියමිත G20 සමුළුව වෙනුවෙන් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ට ආරාධනය කරන බවත්, බ්‍රසීලයේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා බවත් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

බ්‍රසීල ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ, අද(10) දිල්ලියේ පැවති G20 රැස්වීමට සමගාමීව ෆස්ට්පෝස්ට් ප්‍රවෘත්ති සාකච්ජාවට සම්බන්ද වෙමිනි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (අයිසීසී) විසින් පසුගිය මාර්තු මාසයේදී යුද අපරාධය සම්බන්ධයෙන් පුටින්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කළ අතර බ්‍රසීලය ICC පිහිටුවීමට තුඩු දුන් රෝම ප්‍රඥප්තියට අත්සන් කර ඇත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය බ්‍රසීල ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් අදහස් විමසා ඇතිමුත්, ඔවුන් මේ සම්බන්දයෙන් අදහස් දක්වා නොමැති බව වාර්තා කෙරේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි