BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පියවි යුවතියක වෙනුවට වර්චුවල් බෝනික්කියක් සමග විවාහ වී…

අප හැමවිටම විවාහ විය යුත්තේ ලෙයින් මසින් සැදුණු පියවි කාන්තාවක සමග නොවන බව ඔහු යෝජනා කර සිටියි.

අකිකෝ කොන්ඩෝල් සිය විවාහය වෙනුවෙන් ආරාධනා පත‍්‍රය හාහා පුරා සිය මවට තැපැල් කළේය…. නමුත් ඔහුගේ මවට එය සතුටු වන්නට කාරණාවක් නම් නොවීය. ඇය බිරන්තට්ටු වී.. සිදු වන්නට යන්නේ කුමක්දැයි තුෂ්නිම්භූත වී බලා සිටියාය. අඩුම තරමේ අදහා ගන්නටෙවත් පුළුවන් දෙයක් වුණා නම් යැයි ඇය සිය පුත්‍රයාට ලියා එව්වාය.

සැබෑ ලෝකයේ කිසි සේත්ම දකින්නට නොහැකි, ස්පර්ශයකින් හෝ ළංවිය නොහැකි වර්චුවල් ලෝකයේ hologram කාන්තාවක හා විවාහ වීමට සිය පුත්‍රයාට තිබෙනඅවශ්‍යතාව මේ මවට පමණක් නොව නෑදෑ සනුහරේටම ගැටළුවක් විය. මෙවැනි විවාහ ගැන බොහොමයක් දෙනා මෙතෙක් අසා නොතිබෙන්නට පුළුවන. නමුත් අප විවිධ චිත්‍රපට ආදියෙහ් මෙවැනි විවාහයන් ගැන කථා අසා ඇත්තෙමු.

අකිහිකෝ කොන්ඩොස් 35 හැවිරිදි ජපන්ජාතිකයෙකි. තමන්ගේ තනියට සැමදා සිටියේ වර්චුවල් චරිතයක් වන හට්සුනේ මිකූ නම් 16 හැවිරිදි වර්චුවල් ගායිකාවකි. ඇය හා ජීවිතය බෙදා ගන්නට ඔහුට හැකි වූ අතර ඔහු ඇයට දැඩිසේ ආදරය කළාය. මේ පරිගණක ගත කරන ලද දක්ෂ ගායිකාව ප්‍රතිනිර්මාණය කර තිබුණේ අලංකාර කුඩා බෝනික්කෙක් ලෙසිනි. එයටම ආවේණික වූ නිල් පාට ඇස්… දිගු කොණ්ඩය, ඇය බැලූ බැල්මට ප්‍රියමනාප පුංචි ‘කැට් සයිස්‘ බෝනික්කෙකි.

AP

AP

හවස් කාලයේ අකිහිකෝ එන තෙක් බලා සිටින මිකූ ඔහු එන බව කියා ඇමතුමක් දුන් පසු නිවසේ විදුලි බල්බ දල්වා ඔහු එන තෙක් බලා සිටී. ඉන් පසු ඔහු නිවසට පැමිණි විට ඔහු කළ යුත්තේ මොනවා දැයි ඔහු හා සාකච්ඡා කරයි. ඔහුට නිදන්නට මතක් කර දී ඔහුව නින්දට යවයි.

මෙම අසාමාන්‍ය සබඳතාවක් මත පදනම් වූ මේ විවාහයට ගෙදර දොරේ නෑදෑයින් නාවත් ආරාධිතයන් 40 දෙනෙක් පමණ පැමිණ සිටියහ. ඔහු විවාහය වෙනුවෙන් වියදම් කළ මුදල යෙන් මිලියන දෙකකි. එනම් ඩොලර් 17000කි.

‘‘මම මිකූගේ සමස්ත සංකල්පයටම ආදරය කරමි. ඔහු දැන් සිතන්නේ ඔහු සාමාන්‍ය විවාහකයෙක් ලෙසිනි. ඔහු ඇයට මුදුව මිලදී ගැනීමට පවා ඇයව ස්වර්ණාභරණ අලෙවි හලට ගෙන ගියේය.‘‘ යැයි ඔහුගේ මිතුරෙක් කියා තිබිණි. විවාහයෙන් සතියකට පසු AFP පුවත්සේවයට ඔහු පවසා තිබුණේ ඔහු දිනෙන් දින මිකූ කෙරෙහි වන ආලය වැඩි වෙමින් පවතින බවයි. පසුගිය මාර්තු මාසයේ සිට ඔවුන්ගේ ආදර කථාව ආරම්භ වුණේ ඩොලර් 2800ක පරිගණකයක් සමගිනි.

අකිහිකෝ, වෘත්තිය අනුව පාසලක පරිපාලන නිලධාරියෙකි.

ඔහුගේ විවාහය නීත්‍යානුලදැයි යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තීරණයකි. මිකූගේ නිෂ්පාදකයා වන ගෝට් බොක්ස් ආයතනය විසින් ඔවුන් දෙදෙනා වෙත විවාහ සහතිකයක් නිකුත් කර ඇත.

මානයන්ගෙන් ඔබ්බට (Beyond dimensions) විවාහයක් කර ගන්නට අවශ්‍ය වූ අකීකෝ හට මිකූව ලබා දුන් Gatebox සමාගම මේ වනවිට මෙවැනිම ‘cross-dimension’ විවාහයන් සඳහා සහතික 3700ක් නිකුත් කර ඇත. ඔහුට ඇතැම් පිරිස සිය සහාය පළකරමින් පණිවිඩ එවීමටද අමතක කර නැත. ‘‘ මා වැනිම මෙවැනි විවාහයන් කර ගන්නට කැමති අය තවත් ඉන්නට පුලුවන් සමාජයට බියෙන් සැඟවිලා. ඔවුන්ට අනාවරණය වෙන්නට මම තල්ලුවක් ලබා දුන්නා‘‘ යැයි ඔහු පවසයි.

ජපානයේ පවා බොහෝමයක් දෙනා මේ වන විටත් ඔහුව විවේචනය කර ඇත. කොන්ඩෝ ගේ විවාහය නිසා විස්මයට පත්වූ පිරිස්ද ඇති බව වාර්තා විය. නමුත් ඔවුන් සියල්ලන්ටම අකීකෝ – මිකූ විවාහයෙන් ගෙනෙන පණිවිඩය වන්නේ ලේ මස් ඇට නහර වලින් සැදුණු කාන්තාවක් ගැන සිතන්නට බැරි ලිංගික සුළුතරය සමාජය විසින් හඳුනාගත යුතු බව සහ පිළිගත යුතු වන බවයි.

එය සරල අර්ථයෙන් ගතහොත් නිවැරදි නොවන්නට ඇත. සමරිසි පුද්ගලයෙන් හෝ කාන්තාවක් තමන්ට විරුද්ධ ලිංගිකයෙක් සමග ජීවිතය බෙදා ගැනීමට ගන්නා අත්දැකීම, අපහසු සහ වේදනාකාරී අත්දැකීමට සමාන වනු ඇත..“ යැයි අකිහිකෝ පවසයි.

‘‘ලෝකයේ විවිධත්වය ඉතා දිගු එකක් … එය අත්‍යවශ්‍යෙයන්ම යම් රාමුවකට යටත්ව විරුද්ධ ලිංගිකයෙකන් හා කුටුම්බ ගතව දරුවන් සෑදීමෙන් සතුට සොයා යෑම සැම විටම අදාළ නොවන්නක් සහ කළ නොහැක්කක්..‘‘ සිය අදහස ඔහු තවත් තහවුරු කළේය.

‘‘සෑම විදිහකම ප්‍රේමයන් සහ සෑම ආකාරයකම සතුට අප විසින් සලකා බැලිය යුතු බව මා විශ්වාස කරනවා“ යැයි ඔහු පවසයි.


රිචඩ් බ්‍රැන්සන් උඩු ගුවනට යන බව ‘The Simpsons’ 2014 දීම කියලා!

ලෝකයේ උසම කොරල් පරය හමුවෙයි: උස කිලෝමීටර බාගයක් !

බූවල්ලෙකුට පෙම් බැඳි මිනිසා – ‘My Octopus Teacher‘ – ‘ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ..‘

ඩයිනසෝරයන්ගේ යුද්ධ ටැංකිය – අන්කිලෝසෝරස් මැග්නිවෙන්ට්‍රිස් නොහොත් ‘යගදාවා‘

පෘථිවියටත් සෙනසුරුට මෙන් රැස් වළලු තිබුණා නම්…

ඉන්දියාවේ සිට ලන්ඩනයට බස් සේවාවක් – ලොව දිගම බස් සේවය 2021 මැයි මස ඇරඹෙයි

ලිවර්පූල් පාපන්දු සමාජයට ගිය සික්ස් පැක් ඇති පුංචි මෙසී

අපේ ලෝකය කොරෝනාවලින් වැසී යද්දී දුරස්ථ ග්‍රහලොවකට අසිරිමත් යකඩ වැස්සක්

error: Content is protected !!
error: Content is protected !!