×

අප්‍රිකාවේ හිස ඔසවන Marburg වෛරසය!

CDC සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියේ රෝගී පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමෙන් වළකින ලෙස යි.


මාර්බර්ග් වෛරස් රෝගය පැතිරීම වැළක්වීම සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අයවලුන් අප්‍රිකාවට යවන අතර ඇතැම් රටවලින් පැමිණෙන සංචාරකයන්ගෙන් තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස ද ඉල්ලා සිටී.

ඉබෝලා වෛරස රෝගයට සමීපතමයෙකු වන පාලනයකින් තොරව රුධිර වහනයක් සහිත වෛරස් උණක් වන මාර්බර්ග් වෛරසය Equatorial Guinea සහ Tanzania යන රටවල ව්‍යාප්තව ඇති බවක් පෙනේ.

CDC දෙරටේ සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියේ රෝගී පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමෙන් වළකින ලෙස ය.

සංචාරකයන් අදාළ ප්‍රදේශයන්ගෙන් පිටව ගිය පසු සති තුනක ඇතුළත රෝග ලක්ෂණ නිරීක්ෂණය කර ගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි