×

පලස්තීනයේ සරණාගත කඳවුරු වලට ප්‍රහාර; මියගිය අය අතර 40%ක් දරුවන්

සති හතරකට ආසන්න කාලයක් පුරා පැවති යුද්ධයේන් ගාසා තීරයේ මියගිය අයගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් දරුවන් වන අතර, 3,900 ළමා ගොදුරු බවට වාර්තා වී තිබේ.


පලස්තීනයේ අල්-මගාසි හා ජබාලියා සරණාගත කඳවුරුවලට ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් 53 දෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, අල්-මගාසි සරණාගත කඳවුරට එල්ලකරන ලද ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු හා ජබාලියා සරණාගත කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයෙන් 6 දෙනෙකු මෙලෙස මියගොස් තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1430ක් හා 5,600 ක් ලෙස වාර්තා වන අතර එතැන් සිට ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ මියගිය සංඛ්‍යාව 9,633 දක්වා ඉහල ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 26,258ක් ලෙස වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශ විදේශ ඇමතිනී කැතරින් කොලොනා ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරයේ කාන්තාවන්, දරුවන් සහ අලුත උපන් බිළිඳුන් අසමානුපාතික ලෙස යුද්දයේ බර උසුලන බවත්, ගාසාහි පාසල්, රෝහල්, මානුෂීය සේවකයින් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කළ යුතු බවත්, ජාත්‍යන්තර නීතියට ගරු කිරීම යටතේ, සෞඛ්‍යය, ජලය, බලශක්තිය සහ ආහාර වැනි මූලික අවශ්‍යතා ආවරණය වන අතර ගාසා තීරයේ සිවිල් වැසියන් සඳහා ස්ථිර ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්ය.

සති හතරකට ආසන්න කාලයක් පුරා පැවති යුද්ධයේන් ගාසා තීරයේ මියගිය අයගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් දරුවන් වන අතර, 3,900 ළමා ගොදුරු බවට වාර්තා වී තිබේ. තවත් 1,250 ක් අතුරුදහන් වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුර අඟවා තිබුණේ, ඉන්කියුබේටර්වල නොමේරූ ළදරුවන් 130ක් අවදානමට ලක්ව ඇති බවයි.

මේ වන විට ගාසා තීරයේ ගැබිණි කාන්තාවන් 50,000ක් පමණ සිටින බව ගණන් බලා ඇති අතර, රෝහල් 14ක් සහ සායන 45ක් වසා දමා තිබේ. එබැවින් සමහර කාන්තාවන්ට නවාතැන්පලවල, තම නිවෙස්වල හා වීදිවල සුන්බුන් මධ්‍යයේ දරු ප්‍රසූතියට සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි