×

බයිඩන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගොඩබසියි

ඊශ්‍රායලය හදිසි හමුදා ආධාර වශයෙන් ඩොලර් බිලියන 10ක් (පවුම් බිලියන 8.2ක්) එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත.


එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අද(18) ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගොඩ බැසීමත් සමඟ අගමැති බෙන්ජමින් නෙතන්යාහු උණුසුම් ලෙස පිළිගනු ලැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරුව දෙරටේ නායකයන් දෙදෙනා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර අල්-අහ්ලි අරාබි රෝහලේ සිදු වූ මාරාන්තික පිපිරිම සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් කියා සිටියේ පිපිරීමෙන් තමා දැඩි ශෝකයට හා කෝපයට පත් වූ බවයි. එමෙන්ම මෙහිදී ජනාධිපතිවරයා රෝහලේ පිපිරිම සම්බන්ධයෙන් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයට චෝදනා කරමින් එක්සත් ජනපදයේ සහයෝගිත්වය ඊශ්‍රායල වෙත තහවුරු කරනු ලැබිය. ජනාධිපති බයිඩන් පසුව ඊශ්‍රායලයේ නව යුද කැබිනට් මණ්ඩලය හමුවීමට අපේක්ෂා කෙරේ.

පසුගිය 7 වෙනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය හදිසි හමුදා ආධාර වශයෙන් ඩොලර් බිලියන 10ක් (පවුම් බිලියන 8.2ක්) එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇති අතර මේ වන විට එක්සත් ජනපදය විසින් ගුවන් යානා වාහක නෞකාවක්, නැව් සහ ජෙට් යානා නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ගෙන විත් ඇති අතර ඊශ්‍රායලයට අමතර උපකරණ සහ පතොරම් ද ලබා දෙන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති බයිඩන් ඊශ්‍රායලයේ සිට ජෝර්දානයට ගොස් අබ්දුල්ලා රජු, පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් සහ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි හමුවීමට සැලසුම් කර තිබූ නමුත් අඟහරුවාදා රෝහල් පිපිරීමෙන් පසු එම සංචාරය අවලංගු කරන ලදී.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි