×

මොදීගේ භාරතීය ජනතා පක්ෂය රුපියල් බිලියන 60ක පරිත්‍යාග ලබයි

භාරතීය ජනතා පක්ෂයට පරිත්‍යාග කරන ලද මුදල අනෙකුත් දේශපාලන පක්ෂයකට ලබා දුන් මුදලට වඩා බෙහෙවින් වැඩි වූ අතර එය සියලුම බැඳුම්කරවලින් 54%කට වඩා වැඩිය.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මොදිගේ භාරතීය ජනතා පක්ෂය මැතිවරණ බැඳුම්කර රුපියල් බිලියන 60ක් හෙවත් පවුම් මිලියන 570ක පරිත්‍යාග ලබා ඇති බව එරට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර තිබේ.

පසුගිය මාසයේ දී, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ බැඳුම්කර ව්‍යවස්ථා විරෝධී මෙන්ම ඒවායේ විනිවිද භාවයක් නොමැති යැයි ප්‍රකාශ කර නිර්නාමික පරිත්‍යාග කිරීමට සංස්ථා සහ පුද්ගලයන්ට ඉඩ සලසන බැවින් ඒවා ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇති බවත්, එම බැඳුම්කර මිලට ගත් පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු ඉන්දීය රාජ්‍ය බැංකුව (SBI) විසින් ප්‍රසිද්ධියට පත් කළ යුතු බවට තීන්දු කරනු ලැබිය. ඒ අනුව යමින් අද(15)දිනයේදී හෙළිදරවු වූ කරුණු වලට අනුව අගමැති මොදිගේ භාරතීය ජනතා පක්ෂය විශාලතම ප්රථිලභියා වශයෙන් හඳුනා ගන්නා ලදී.

භාරතීය ජනතා පක්ෂයට පරිත්‍යාග කරන ලද මුදල අනෙකුත් දේශපාලන පක්ෂයකට ලබා දුන් මුදලට වඩා බෙහෙවින් වැඩි වූ අතර එය සියලුම බැඳුම්කරවලින් 54%කට වඩා වැඩිය.

ප්‍රධාන ජාතික විරුද්ධ පක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසයට එම යෝජනා ක්‍රමය හරහා ලැබුණේ රුපියල් බිලියන 14ක් පමණි. 2019 සිට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති ලොතරැයි සමාගමක් වන Future Gaming and Hotel Services, බැඳුම්කරවල විශාලතම හිනිකරුවා ලෙස හඳුනාගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි