×

‘ට්‍රම්ප්ගේ ප්‍රකාශය එක්සත් ජනපද සහ යුරෝපා සංගමයේ ජීවිත අවදානමට ලක් කළ හැකී’ – නේටෝ ප්‍රධානී

කිසිම මැතිවරණ ව්‍යාපාරයක් සන්ධානයේ ආරක්‍ෂාව සමඟ සෙල්ලම් කිරීමට නිදහසට කරුණක් නොවන අතර ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් එක්සත් ජනපදය ශක්තිමත් සහ කැපවූ නේටෝ සගයෙකු ලෙස පවතිනු ඇත,


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 ධවල මන්දිර අපේක්ෂකයා ලෙස දෙවන ජනාධිපති ධූරයක් අපේක්ෂා කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔවුන්ගේ මූල්‍ය වගකීම් ඉටු නොකළ බව ඔහු සලකන එක්සත් ජනපදයේ නේටෝ සහචරයින්ට පහර දීමට රුසියාව දිරිමත් කරන බව දකුණු කැරොලිනාවේ කොන්වේ හි පැවති ප්‍රචාරක රැලියකදී සෙනසුරාදා(10) ප්‍රකාශ කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් නේටෝ ප්‍රධානියා ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශය එක්සත් ජනපද සහ යුරෝපා සංගමයේ ජීවිත අවදානමට ලක් කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් නේටෝ ප්‍රධානි ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳහන් කර තිබුණේ, මිත්‍ර රටවල් එකිනෙකා ආරක්ෂා නොකරන බවට වන ඕනෑම යෝජනාවක් එක්සත් ජනපදය ඇතුළු අපගේ සියලු ආරක්ෂාවට වල කපන අතර ඇමරිකානු සහ යුරෝපීය සොල්දාදුවන් වැඩි අවදානමකට ලක් කරයි. කිසිම මැතිවරණ ව්‍යාපාරයක් සන්ධානයේ ආරක්‍ෂාව සමඟ සෙල්ලම් කිරීමට නිදහසට කරුණක් නොවන අතර ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් එක්සත් ජනපදය ශක්තිමත් සහ කැපවූ නේටෝ සගයෙකු ලෙස පවතිනු ඇතැයි මම අපේක්ෂා කරන බවයි.

ධවල මන්දිරය ද මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙය භයානක සහ නොසැලකිලිමත් ප්‍රකාශයක් ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි