×

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත යුතුයි...


සටහන: සශිකලා මධුෂාණි,මැයි 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා වෙත පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණයක් කිරීමට නියෝග කළහොත් ආයුධ නැව්ගත කිරීම නතර කරන බවට අනතුරු ඇඟවීමෙන් අනතුරුව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකා ආධාර නැතිවද ඊශ්‍රායලය මිලිටරි වශයෙන් ශක්තිමත් බවත් තමන්ට තනිව පහරදිය හැකි බවත් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(09) දිනයේදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, 1948 වසර 76කට පෙර නිදහස් සංග්‍රාමයේදී අපි බොහෝ දෙනෙකුට එරෙහිව සිටියේ සුළු පිරිසක් බවත්, ඊශ්‍රයලය වෙත ආයුධ සම්බාධක පනවා තිබුනද ආත්මයේ වීරත්වය සහ එකමුතුකමේ විශාල ශක්තියකින් අප එම සටන ජයග්‍රහණය කළ බවයි. ජනාධිපති බයිඩන් ආයුධ නැව්ගත කිරීම නවතා දැමුවද ආත්මයේ ශක්තියෙන්, දෙවියන්ගේ උපකාරයෙන්, අපි එකට ජයග්‍රහණය කරන්නෙමු යනුවෙනි.

මේ අතර නෙතන්යාහු මහතාගේ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පැවසුවේ ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත යුතු බවයි.

ඇමරිකාවේ හා ඊජිප්තුවේ මුලිකත්වයෙන් කයිරෝහිදීහි පැවති සටන් විරාම සාකච්ඡා කිසිදු ගනුදෙනුවකින් තොරව අවසන් වීමත් සමඟ ඊශ්‍රායලය නැගෙනහිර රෆා ප්‍රදේශයට පහර දියත්කිරීම තහවුරු කර ඇති අතර ඊශ්‍රායල් හමුදා ප්‍රකාශ කරන්නේ, නගරයේ ඉතිරිව සිටින හමාස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ඉලක්කගත වැටලීම් සිදුකරන බවයි. මෙත් සමඟ 80,000ක පිරිසක් රෆා වෙතින් පලාගොස් ඇති අතර තවත් මිලියනයකට අධික පිරිසක් එහි නවාතැන් ගෙන ඇත.

ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස තහනම් කර ඇති හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) කියා සිටියේ ඔවුන් මෝටාර් බෝම්බ සහ ටැංකි නාශක මිසයිල වලින් නැගෙනහිර මායිමේ ඊශ්‍රායල හමුදා ඉලක්ක කරන බවයි. මේ වන විට ඊශ්‍රායල හමුදා වාහන තුනකට යටින් රෆා හි නැගෙනහිර දෙසින් මර උමඟක් පුපුරුවා හැර ඇති අතර එම පිපිරීම හේතුවෙන් ඊශ්‍රායල් සෙබළුන් තිදෙනෙකු මියගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි