×

තනිකඩයන්ට කාර් බාගයක් ???

ඉතා සිහින් මෙන්ම රෝද තුනකින් යුත් "SOLO" නිපදවීමේ ඒකායන අරමුණ වී ඇත්තේ තනි පුද්ගලයෙක් සඳහා අවශ්‍ය කටයුතු ඉතා පහසුවෙන් කිරීමට අවස්ථාවක් ලබා දීමක් ලෙසයි.


තනි පුද්ගලයෙකුට ප්‍රවාහනය සඳහා සුදුසු සුඛොපභොගී නවතම කාර්යක් නොබෝදා වෙලඳ පළට හඳුන්වා දෙනු ලැබිණ.

සැබවින්ම කාරයකැයි  සිතිය නොහැකි වුවත් සැබවින්ම කාරයක් වන, බැලූ බැල්මට පිටුපස භාගයක් අහිමි රථ භාගයක් සේ දිස්වන මෙම කාර් රථය නිපදවා ඇත්තේ කැනේඩියානු රථ වාහන නිෂ්පාදනායතනයක් වන ඉලෙක්ට්‍රා මෙකැනිකා විසිනි.

එක් ආසනයක් පමණක් ඇති මෙම කාර් රථය “SOLO”නමින් වෙළඳ පළට පැමිණේ.
ඉතා සිහින් මෙන්ම රෝද තුනකින් යුත් “SOLO” නිපදවීමේ ඒකායන අරමුණ වී ඇත්තේ තනි පුද්ගලයෙක් සඳහා අවශ්‍ය කටයුතු ඉතා පහසුවෙන් කිරීමට අවස්ථාවක් ලබා දීමක් ලෙසයි.

ආරෝපිත විදුලි බලයෙන් ක්‍රියාත්මක කාරය වන මෙය එක් වරක් චාර්ජ් කළ පසු පැයට සැතපුම් 82ක වේගයෙන් සැතපුම් 100ක් ධාවනය කිරීමේ හැකියාව පවතී.

මේ සඳහා රෝද තුනක් භාවිත කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ එය නවතා තැබීම සඳහා අඩු ඉඩක් යොදා ගත හැකි වීමයි.

මෙය දොර දෙකේ මිනි කූපර් රථයකට වඩා අඩියක් දිගින් අඩුවන අතර බර රාත්තල් 1100කින් අඩු වෙයි.

මීට අමතර මෙම ඉලෙක්ට්‍රා මෙකැනිකා ආයතනය විසින් ආසන 2කින් යුත් Tofino නම් ස්පොර්ට්ස් වර්ගයේ කාර් රථයක්ද මේ වන විට පදවමින් සිටින අතර එය ඩොලර් 50000කට මිල නියම කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි