×

දැන් රුධිර පරීක්ෂාවකින් සම ආශ්‍රිත මෙලනෝමා පිළිකාව හඳුනාගත හැකියි.

මුල් අවධියේදී සිදු කළ හැකි රුධිර සාම්පල පරීක්ෂණයක් මඟින් මෙවැනි පිළිකා තත්ත්වයක් අනාවරණය කර ගත හැකි බව හෙළි වූ ලොව ප්‍රථම වතාව මෙය වෙයි.


සම ආශ්‍රිත පිළිකාවක් වන මෙලනෝමා එහි මුල් අවධියේදී හඳුනා ගත හැකි බවට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සමත් වෙයි.

මුල් අවධියේදී සිදු කළ හැකි රුධිර සාම්පල පරීක්ෂණයක් මඟින් මෙවැනි පිළිකා තත්ත්වයක් අනාවරණය කර ගත හැකි බව හෙළි වූ ලොව ප්‍රථම වතාව මෙය වෙයි.

ඉතා ඉක්මණින් ශරීරයේ පැතිරී යා හැකි පිළිකා තත්ත්වයක් වන මැලෝනීමා රෝගය වැළඳුන පසු එය හඳුනා ගැනීම සඳහා biopsies හෙවත් පඨක විශ්ලේෂණය කිරීමට වෛද්‍ය වරුුන්ට සිදුව තිබිණි.

නමුත් මෙම සොයගැනීමත් සමග රුධිර සාම්පලයක් ලබා ගැනීමෙන් පමණක් රෝග තත්ත්වය හඳුනා ගත හැකි වෙයි.

මෙය වෛද්‍ය විද්‍යාවේ සැබෑ ජයග්‍රහණයකි. ඉතා නිරවද්‍ය ලෙස රෝගය හඳුනා ගත හැකි මෙම ක්‍රමය ඉතා ඉක්මන් සහ වියදම් අඩු ක්‍රමයක් වීම එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේය.

මුල්වටයේ පරීක්ෂණ සඳහා 200ක් පුද්ගලයන්ගේ රුධි සාම්පල පරීක්ෂා කර ඇති අතර ඉන් හරි අඩකට මෙම පිළිකා තත්ත්වය වැළදී ඇති බව සොයා ගෙන ඇත‍. මුල් අවස්ථාවේ මෙම පිළිකා තත්ත්වය හඳුනා ගත හැකි වීම එය සුව කිරීමට ඉතා පහසු වන බව වෛද්‍ය වරුන්ගේ අදහසයි.

මෙලනෝමා යනු සම හා ආශ්‍රිත පිළිකා අතරේ භයානකම පිළිකා තත්ත්වයයි. යූ වී කිරණ වලට නිරාවරණය වීම මෙම රෝගය වැළඳීමට ප්‍රධානතම හේතුව වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි