×

Volvo සමාග හඳුන්වා දෙන Driverless Vera ස්වයං ධාවක ට්‍රක් රථය‍

මෙම වෙරා ට්‍රක් රථය වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහණය කළ හැකි පරිදි නිපදවා ඇති අතර එය වරාය කටයුතු, දුම්රියපළ කටයුතු මෙන්ම පතල් ආශ්‍රිතව යොදා ගත හැති මට්ටමේ බර වාහනයක් වනු ඇත.


බර වාහන නිෂ්පාදනයේ ලොව දෙවනියට ප්‍රමුඛයා වන  සමාගම නව තාක්ෂණය ට්‍රක් රථ හා මුසු කිරීමට සූදානමින් සිටී. මෙතෙක් අප විවිධ සැහැල්ලු වාහන වලට තාක්ෂණයේ බලපෑම නිසා වෙනස් කම් සිදුව ඇති බව දැක ඇති  මුත් ට්‍රක් රථ වැනි බර වාහන වලට තාක්ෂණය නිසා කළ දියුණු කිරීම් නැත.


කාර්ය බහුල මිනිස් ජීවිතයට රියදුරු නොමැති වාහනයක් යනු සැබවින්ම ප්‍රයෝජනවත්ය.

අර්ධ ලෙස විදුලිබලයෙන් ක්‍රියාත්මක වින රියදුරු නොමැතිව ගමන් ගන්නා ට්‍රක්රථයක් හඳුන්වා දීමට වොල්වෝ සමාගම කටයුතු කරමින් සිටින්නේ ඒ නිසාවෙන්මය. ඔවුන් පවසන පරිදි මෙම රියදුරු නොමැතිව ගමන් කරවිය හැකි ට්‍රක් රථය හඳුන්වා ඇත්තේ වෙරා Vera නමිනි.

මෙම වෙරා ට්‍රක් රථය වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහණය කළ හැකි පරිදි නිපදවා ඇති අතර එය වරාය කටයුතු, දුම්රියපළ කටයුතු මෙන්ම පතල් ආශ්‍රිතව යොදා ගත හැති මට්ටමේ බර වාහනයක් වනු ඇත. කාර්යක්ෂම මෙන්ම ප්‍රවේශම් සහිත පිරිසිදු සේවයක් මෙම වෙරා ට්‍රත් රථය මඟින් සළසා දිය හැකි බව වොල්වෝ සමාගම පවසයි.

රියදුරකු මඟින් ක්‍රියාත්මක නොවන මෙම වෙරා ට්‍රක් රථය පාලනය වන්නේ ප්‍රවාහන පාලන මධ්‍යස්ථානයක් මඟිනි. එමගින් නොකඩවා එහි ගමන් මාර්ගය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව මොනිටර් කරනු ලබන අතර සෑම වාහනයක්ම සිටින්නේ තොතනද යන්න පිළිබලඳව අවධානය යොමු කරයි. එය විදුලිය මඟින් ක්‍රියාත්මක නිසා බැට්රි චාර්ජ් කිරීම, බඩු ඩාණ්ඩ පැටවීම මෙන්ම අනෙකුත් අවශ්‍යතාද පිළිබඳව පාලන මධ්‍යස්ථානයේ අවධානය යොමු වේ.

මෙම ට්‍රක් රථය අනෙකුත් රථ මෙන් ශබ්දය නිකුත් නොකිරීමද පරිසර දූෂණය අවම වීමද ඉතා වැදගත් වේ.

වොල්වෝ සමාගම නුදුරු අනාගතයේදී තෝරාගත් පාරිභෝගිකයන් වෙනුවෙන් මුළින්ම මෙම නිෂ්පාදන  සිදු කරනු ඇති අතර මේ වන විටත් මිනිසුන් යාන වාහන හේතුවෙන් මුහුණ දෙන පරිසර දූෂණය, කාල කළමනාකරනය, මෙන්ම සමාජය පමණක් නොව ප්‍රවාහණ ආයතන මෙන්ම මිළදී ගන්නන්ද මුහුණ දෙන බොහෝ ගැටළු වලට විසඳුම් සපයනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි