×

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාවේ සංචාරයක

කිම්ගේ සංචාරය පුටින්ගේ ආරාධනයකට අනුව සිදු වේ.


උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව රුසියානු හා උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ක්‍රෙම්ලිනය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද(11) දවසේදී කියා තිබුණේ, කිම්ගේ සංචාරය පුටින්ගේ ආරාධනයකට අනුව සිදුවන බවයි.

පසුගිය සතියේ එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් කිම් ජෝන් උන් හා පුටින් අතර හමුව පිලිබඳ වාර්තා කර තිබුණ අතර ඔවුන්උ සඳහන්තු කර තිබුණේ, උතුරු කොරියාව සහ රුසියාව ඔවුන්ගේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා මෙම මාසය තුළදී නායකයින් අතර රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන බවයි. මෙහිදී යුක්රේන යුද්ධය වෙනුවෙන් ආධාර කිරීම සහ උතුරු කොරියාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ශක්තිය වර්ධනය කර ගැනීමට ඔවුන් දෙපාර්ශවය අතර සාකච්ජා කරනු ඇති බවයි එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තා වන්නේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි