×

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ මෙන්ම නවාතැන් නොමැතිව පිඩා විදිමින් සිටියි.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි සින්ඩි මැකේන් ප්‍රකාශ කර තිබේ.

ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සටන් විරාමයක් හා ආධාර බෙදා හැරීමට බාධාවකින් තොරව උතුරු ගාසා තිරයට ප්‍රවේශ වීමට වරයන් හා මහාමාර්ග නැවත විවෘත කළ යුතු බවයි.

කෙසේ නමුත්, පලස්තීන භූමි ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල සාගතයක් ඇති වන බවට එහි මිත්‍ර රටවල් සහ එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීම් නොතකා ඊශ්‍රායලය ගාසා තීරයට තීරණාත්මක මානුෂීය සැපයුම් ඇතුළුවීම දැඩි ලෙස සීමා කර ඇති අතර එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර කලින් අනතුරු අඟවා ඇත්තේ ගාසා තීරයේ මිලියන 2.3 ජනගහනයෙන් සියයට 70කට වැඩි පිරිසක් මාර්තු මැද සහ මැයි අතර ඕනෑම වේලාවක කුසගින්න හේතුවෙන් මිය යා හැකි බවයි.

පලස්තීන හමාස් කණ්ඩායමේ නියෝජිත පිරිසක්, මේ වන විට සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඊජිප්තුවට ගොස් සිටින මුත්, දකුණු කෙළවරේ පිහිටි රෆා වෙත තම භූමි ආක්‍රමණය දියත් කරන බවට ඊශ්‍රායලය පොරොන්දු වී ඇත. ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ මෙන්ම නවාතැන් නොමැතිව පිඩා විදිමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි