×

මැතිවරණය අහිමි නොකරන ලෙස ඉල්ලූ ඛාන්ගේ අභියාචනය ඉවතට

මැතිවරණ කොමිසම විසින් ඛාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුස්සෙකු බවට පත්ප කළා පමණක් නොව මැතිවරණවලට සහභාගී වීමට නුසුදුස්සෙකු බවටද පත් කරන ලදී.


පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉදිරි ජාතික මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනය ඉස්ලාමාබාද්හි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

හිටපු අගමැතිවරයා සිය ධුර කාලය තුළ අතුරුදහන් වූ බව කියන රාජ්‍ය තාන්ත්‍රික ලියවිල්ලකට අත්සන් කිරීම හේතුවෙන් මේ වන විට රාවල්පින්ඩි නගරයේ අඩියාලා බන්ධනාගාරයේ සිරගතව සිටින අතර ඛාන් සහ ඔහුගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) දේශපාලන පක්ෂය 2018 අගෝස්තු සිට 2022 අප්‍රේල් දක්වා බලයේ සිටිය දී විශ්වාසභංගයකින් ඔහුව නෙරපා හරින ලදී.

ඉන් අනතුරුව 2022 අගෝස්තු මාසයේදී, මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලද ප්‍රකාශවල වත්කම් හෙළිදරව් නොකර, ඔහුගේ අග්‍රාමාත්‍ය ධුර කාලය තුළ රාජ්‍ය ත්‍යාග තැන්පතුවෙන් විදේශීය ප්‍රභූන් විසින් ලබා දුන් තෑගි මිලදී ගත් බවට ඛාන්ට චෝදනා එල්ල වූ අතර දූෂිත භාවිතයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඔහු වරදකරු බවට පත් කරන ලදී.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් ඛාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුස්සෙකු බවට පත් කළා පමණක් නොව මැතිවරණවලට සහභාගී වීමට නුසුදුස්සෙකු බවටද පත් කරන ලදී.

දැනට භාරකාර අගමැති අන්වාර්-උල්-හක් කකාර් යටතේ අන්තර්වාර සැකැස්මකට නායකත්වය දෙන පකිස්ථානය, මුලින් නියමිත කාලයට වඩා මාස තුනකට පසුව 2024 පෙබරවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට නියමිත වන අතර ඛාන් වෙනුවෙන් තරංග කිරීමට පසුගිය සතියේ, අභ්‍යන්තර පක්ෂ මැතිවරණයකින් පසු නව ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ප්‍රධානියා ලෙස නීතීඥ ගොහාර් අලි ඛාන් තේරී පත් කර ගන්නා ලදී.

මිලියන 241 ක ජනතාවක් සිටින පාකිස්තානයේ උද්ධමනය මේ වන විට වාර්තා ගත ලෙස ඉහල ගොස් ඇත. රටේ ආරක්ෂක තත්වයද බිඳ වැටි ඇති අතර සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය මාස 11ක් තුළ ප්‍රහාර 600කට ආසන්න ප්‍රමාණයකට රට මුහුණ දී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව එම කාලසීමාව තුළ සියයට 81ක වැඩිවීමකි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි