×

ගැඹුරු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ මහා මැතිවරණයකට යන පකිස්ථානයේ ගමන් මඟ

ආර්ථික අර්බුදය උග්‍ර කර ඇත්තේ පකිස්ථානයේ දේශපාලනික ව්‍යකුලත්වයයි.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 06,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගැඹුරු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ පාකිස්තානයේ මහා මැතිවරණය එළැඹෙන බ්‍රහස්පතින්ද(8) පැවැත්වීමට සූදානම් බව වාර්තා වේ.

මේ වනවිට පාකිස්තානයේ උද්ධමනය සියයට 30කින් වැඩිවී ඇති අතර සියයට 40කට ආසන්න ජනතාවක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වේ.
ණය හා දළ දේශීය නිෂ්පාදිතය (GDP) අනුපාතය සියයට 72 දක්වා ඉහළ ගොස් ඇති අතර 2022 අගභාගයේදී, බලපාන ලද මෝසම් ගංවතුර හේතුවෙන් මිලියන අටක ජනතාවක් අවතැන් වූ අතර ඉන් රටට ඩොලර් බිලියන 30තරම් හානියක් සිදු විය.

කපු වගාවන් අහිමි වීමත් සමග රටේ රෙදිපිළි කර්මාන්තය විනාශ වූ අතර පාකිස්තානයේ ආර්ථික වර්ධන වේගය 2023 දී සෘණ අගයක් ගැණිනි. ආහාර හා ඉන්ධනවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන පකිස්ථානය විශාල වෙළඳ හිඟයකට නිරන්තරයෙන් මුහුණ දේ.

භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන්, විදේශ විනිමය සංචිත පසුගිය මැයි මාසයේදී ආනයනික මාසයකට අඩු කාලයකට අඩු වූ අතර එය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට තුඩු දුන්නේය. අඩාල වන විදුලිබල අංශයට නව බදු පැනවූ අතර විශේෂයෙන්ම දුප්පත් කුටුම්භයන්ට දැඩි ලෙස පහර වැදිණ.

IMF වැඩසටහනක කොටසක් ලෙස එහි විනිමය අනුපාතිකය ලිහිල් කිරීමට පකිස්ථාන මහ බැංකුව එකඟ වීමෙන් පසු ගිය වසරේ ආරම්භයේ සිට මුදල් ඒකකයේ අගය තියුනු ලෙස පහත වැටුණු අතර එය, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 20 කින් පමණ අවප්‍රමාණය විය.

මෑත කාලීන රැකියා අහිමිවීම් නිල විරැකියා අනුපාතය සියයට 8.5ක වාර්තාගත ඉහල අගයකින් වාර්තා වන අතර, අමතර මිලියන 8.4 සිට 9.1 දක්වා ජනතාවක් දරිද්‍රතාවයට ඇද දමා තිබේ.

පකිස්ථාන-ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ ආරක්ෂක ගැටළු හේතුවෙන් විදේශ ආයෝජන අඛණ්ඩව අවහිර වෙමින් පවතින අතර පාකිස්තානයේ විදේශ ණය පසුගිය වසරේ ඩොලර් බිලියන 125.7 දක්වා ළඟා වු අතර එයින් වැඩි ප්‍රමාණයක් චීනයට ගෙවිය යුතුය.

මෙලෙස පවතින ආර්ථික අර්බුදය උග්‍ර කර ඇත්තේ පකිස්ථානයේ දේශපාලනික ව්‍යකුලත්වයයි.

මෙම මැතිවරණවලදී තරුණ ඡන්දය තීරණාත්මක වන අතර මිලියන 128 ක ඡන්ද දායකයින් අතරින් විශාලතම සංඛ්‍යාව අවුරුදු 35 ට අඩු අය 44%ක් වාර්තා වේ. දෙවන විශාලතම ඡන්ද දායකයින් කණ්ඩායම වයස අවුරුදු 36 ත් 45 ත් අතර ඔවුන් 22.3%කි. මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් සියයට 46ක් (මිලියන 59.3ක්) සහ පිරිමින් සියයට 54ක් (මිලියන 69.2ක්) වේ.

පකිස්ථානයේ මෙවර ආසන 266ක් සඳහා අපේක්ෂකයින් 5,000කට අධික සංඛ්‍යාවක් තරඟ වදින අතර ඔවුන් අතර පිරිමින් 4,806ක්, කාන්තාවන් 312ක් සහ සංක්‍රාන්ති ලිංගිකයන් දෙදෙනෙක් සිටිති.

2022 අප්‍රේල් මාසයේදී ඉම්රාන් ඛාන් දෝෂාභියෝගයක් මඟින් අගමැති ධුරයෙන් පහකිරීමත් සමඟ ඉස්ලාමාබාද්හි බිඳෙනසුලු ප්‍රජාතන්ත්‍රවාදය භාරකාර රජයක් විසින් මේ වන විට අධීක්ෂණය කරනු ලබයි. ඛාන් මේ වන විට පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් වසර 14ක සිර දඬුවම් විඳින අතර, ඔහු තරඟ කිරීමට නුසුදුස්සෙකු වන අතර 57%ක තරම් ජනමතයක හිමිකරුවා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි