×

පාකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ; 59 දෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකු බාරගෙන නොමැති අතර ඊට අදාළ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.


පකිස්ථානයේ පෙෂාවර් හි මුස්ලිම් පල්ලියක යාඥා කරමින් සිටි පොලිස් භටයින් ඉලක්ක කරගෙන ඊයේ(30)දිනයේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 59දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 157 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පාකිස්ථාන රජයේ නිල වාර්තාවන් වාර්තා කර තිබුණේ ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකු බාරගෙන නොමැති බවත්, ඊට අදාළ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවත්ය.

ඊයේ (30)දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඉස්ලාමාබාද් වෙත පැමිණීමට නියමිතව තිබූ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ගමන අවලංගු විය. එමෙන්ම අද(31)දිනය තුල නව ණයක් විවෘත කිරීමේ අපේක්ෂාවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පකිස්තානයට පැමිණීමට නියමිතව තිබූ අතර එයද ප්‍රහාරය හේතුවෙන් අවලංගු විය. පාකිස්ථාන රඩය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ අතිශ්‍ය වැදගත් අවස්ථාවන් කිහිපයක් අළලා ප්‍රහාරය දියත් වන්නට ඇති බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ කිසිදු මුස්ලිම් ජාතිකයෙකු මෙම ප්‍රහාරයට සම්බන්ධ නොවන බවත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ පාකිස්ථානය ආරක්ෂා කිරීමේ රාජකාරිය ඉටු කරන අය ඉලක්ක කර ගනිමින් බිය ඇති කිරීමට බවත් ,ත්‍රස්තවාදී උවදුරට එරෙහිව සමස්ත ජාතියම එකාවන්ව නැගී සිටිය යුත් බවත්ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනය කර තිබුණේ ආගමික ස්ථානයකට එල්ල කරන ලද මෙම ප්‍රහාරය පිළිකුල් සහගත බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි