×

ඊශ්‍රායල හමුදා පලස්තීනයේ සරණාගත කඳවුරක් වැටලීමෙන් 13 දෙනෙකුට තුවාල

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ඝාතනවල මෑත කාලීන වැඩිවීම පැමිණෙන්නේ, ඊශ්‍රායල ආක්‍රමණයන්ට එරෙහි සීමිත පලස්තීන සන්නද්ධ ප්‍රතිරෝධය විනාශ කිරීමේ අරමුණෙනි.


බටහිර ඉවුරේ වාඩිලාගෙන සිටින ඊශ්‍රායල හමුදාව විසින් බටහිර ඉවුරේ ජෙරිකෝ නගරයේ සරණාගතයන් 8,000ක් පමණ වෙසෙන Aqbat Jabr සරණාගත කඳවුර වැටලීමේදී හමුදා උණ්ඩ, මිසයිල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අවම වශයෙන් පලස්තීනුවන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙය කඳවුරට එල්ල වූ විශාලතම හමුදා ප්‍රහාරය වන අතර, මෙම ප්‍රහාරය පැමිණෙන්නේ ජෙනින් සරණාගත කඳවුරේ පලස්තීනුවන් 9 දෙනෙකු ඊශ්‍රායල හමුදා විසින් මරා දමා සතියකට පසුවය. මේ වන විට ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 36 දෙනෙකු මරා දමා ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ නැගෙනහිර ජෙරුසලම ඇතුළු වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ සිය ආරක්ෂක හමුදාවන්ගේ සියලුම මෙහෙයුම් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අවනතව සිදු කරන ලෙසයි.

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ඝාතනවල මෑත කාලීන වැඩිවීම පැමිණෙන්නේ, ඊශ්‍රායල ආක්‍රමණයන්ට එරෙහි සීමිත පලස්තීන සන්නද්ධ ප්‍රතිරෝධය විනාශ කිරීමේ අරමුණෙනි.


පසුගියදා නැගෙනහිර ජෙරුසලමේදී පලස්තීන ජාතිකයෙකු විසින් ඊශ්‍රායල ජාතිකයන් හත් දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, පලස්තීන භූමියේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම මධ්‍යයේ ඊශ්‍රායල ජාතිකයන් තුවක්කුවලින් සන්නද්ධ කිරීමේ සැලසුම්ක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි