×

චීනයේ බාධක පිලිපීන රජය ඉවත් කරයි

පිලිපීන ජනාධිපති මාර්කෝස් ජූනියර් එක්සත් ජනපදය සමඟ ආරක්ෂක සබඳතා යථා තත්ත්වයට පත් කරමින් ඒ දෙසට පක්ෂග්‍රාහී වීම චීනයේ කෝපයට හේතු වී ඇත.


තෙල් හා ගෑස් සංචිත ඇති බව විශ්වාස කෙරෙන පොහොසත් ධීවර කලාපයක් වන දකුණු චීන මුහුදේ පිලිපීන ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා චීනය විසින් සවිකර තිබූ පාවෙන බාධකයක් පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්ගේ උපදෙස්මත ඉවත්කළ බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබේ.

ලෝකයේ ධීවර යාත්‍රාවලින් අඩකට වඩා ක්‍රියාත්මක වන මෙම ප්‍රදේශයේ 90%ක්ම අයිතිය දරන්නේ චීනයයි. චීනය මෙලෙස මාර්ග බාධක යේදීම අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සඳහන් කළ අතර පිලිපීනය සඳහන් කර තිබුණේ, මෙය පිලිපීනයේ ධිවර ජනතාවට තර්ජනයක් වන බවත්, පැහැදිලිවම ජාත්‍යන්තර නිතිය උල්ලංඝණය කරන බවත්ය.

මේ හේතුවෙන් පිලිපීනය පමණක් නොව ජපානය, වියට්නාමය, තායිවානය, මැලේසියාව සහ බෲනායි ද කෝපයට පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, දකුණු චීන මුහුදේ ආතතිය වැඩි කරන ඕනෑම හැසිරීමකට ජපානය දැඩි ලෙස විරුද්ධ වන බවයි.

පිලිපීනයේ මසුන් අල්ලන කලාපය 2012 වසරේදී චීනය විසින් අල්ලා ගනු ලැබූ අතර පසුව හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ යටතේ සබඳතා වැඩිදියුණු වූ විට පිලිපීනයට ආසන්නයේ මසුන් ඇල්ලීමට ඉඩ ලබා දෙන ලදී. පසුගිය වසරේ ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් ජනාධිපති වීමෙන් පසුව ආතතීන් ඉහළ ගිය අතර ජනාධිපති මාර්කෝස් ජූනියර් එක්සත් ජනපදය සමඟ ආරක්ෂක සබඳතා යථා තත්ත්වයට පත් කරමින් ඒ දෙසට පක්ෂග්‍රාහී වීම චීනයේ කෝපයට හේතු වී ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි