×

පාප් වහන්සේ දකුණු සුඩානයේ අවතැන් වූ දරුවන් හමුවෙයි; කාන්තාවන් ආරක්ෂා කරන ලෙස ඉල්ලයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම පසුගිය වසරේ වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, සමස්තයක් වශයෙන්, මෙහි කාන්තාවන් සහ ගැහැණු ළමයින් ජීවත් වන්නේ "අපායක්" බවයි.


පාප් වහන්සේ සිය සාම වන්දනාවේ අවසන් නැවතුම ලෙස දකුණු සූඩානයට පැමිණ තිබේ. මෙම සංචාරයේ දී සාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට දකුණු සුඩානයේ දේශපාලන නායකයින් දිරිමත් කිරීම අරමුණු වන බව පැවසේ.

එහිද ගැටුම්වලින් අවතැන් වූ දකුණු සුඩාන දරුවන්ගේ ජීවිතවල දුෂ්කරතා ගැන අසා, වාර්ගික වෛරය වෙනුවට සමාව දීමෙන් ලොව අලුත්ම රටට යහපත් අනාගතයක් ගොඩනඟන බව ඔවුන්ට ප්‍රකාශ කර තිබ්ණි.

දකුණු සුඩානය 2011 දී සුඩානයෙන් බිඳී ගිය නමුත් 2013 දී ජනවාර්ගික කණ්ඩායම් එකිනෙකාට එරෙහි වීමත් සමඟ සිවිල් යුද්ධයකට ඇද ඇති විය. ප්‍රධාන විරුද්ධවාදීන් දෙදෙනා අතර 2018 සාම ගිවිසුමක් තිබියදීත්, අන්තර් වාර්ගික සටන් නිසා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරා දමා අවතැන් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙහි සමස්ත ජනගහනයෙන් මිලියන 11.6ක් පමණ වන අතර එහි අභ්‍යන්තරව අවතැන් වූවන් මිලියන 2.2ක් පමණ වන අතර මිලියන 2.3ක් සරණාගතයන් ලෙස රට හැර ගොස් ඇත. දේශපාලන ගැටුම්, සිවිල් යුද්ධය, වසර තුනක ව්‍යසනකාරී ගංවතුර ආදිය හේතුවෙන් දකුණු සූඩානයේ අන්ත දරිද්‍රතාවය සහ කුසගින්න බහුල වී ඇති අතර, ජනගහනයෙන් තුනෙන් දෙකකට මානුෂීය ආධාර අවශ්‍ය වේ.

දකුණු සූඩානයේ අවතැන් වූවන්ගෙන් බහුතරය කාන්තාවන්, ගැහැණු ළමයින් සහ ළමයින්ය.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල ප්‍රධානී සාරා බෙයිසොලෝ නයන්ති ෆ්‍රැන්සිස්ට පැවසුවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව සෑම 10 දෙනෙකුගෙන් හතර දෙනෙකුම එක් ආකාරයකට හෝ කිහිපාකාරයකට හිංසනයට ගොදුරු වී ඇත. යුනිසෙෆ් පවසන පරිදි, දකුණු සුඩානයේ ගැහැනු ළමයින්ගෙන් සියයට 75 ක් පමණ පාසල් නොයයි.


දකුණු සුඩානයේ කාන්තාවන්ගෙන් අඩක් වයස අවුරුදු 18 ට පෙර විවාහ වී ඇති අතර, ඔවුන් පසුව ලොව ඉහළම මාතෘ මරණ අනුපාතයට මුහුණ දෙති.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම පසුගිය වසරේ වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, සමස්තයක් වශයෙන්, මෙහි කාන්තාවන් සහ ගැහැණු ළමයින් ජීවත් වන්නේ “අපායක්” බවයි.

මෙහිද් පාප් වසන්සේ ප්‍රකාශ කර තිබුණේ කරුණාකර සෑම කාන්තාවක්, සෑම ගැහැණු ළමයෙක්, තරුණ කාන්තාවක්, මවක් ආරක්ෂා කරන්න, ගරු කරන්න, අගය කරන්න, ගෞරව කරන්න, එසේ නෙවේ නම් අනාගතයක් නොමැති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි