×

ඉන්දුනීසියාවේ ජනාධිපති වශයෙන් ප්‍රබෝවෝ සුබියන්තෝ තේරී පත්වන ලකුණු ?

මිලියන 200කට අධික ජනතාවක් රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 820,000ක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබිය.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියාවේ ඊයේ(14) පැවති ජනාධිපතිවරණයට අනුව එරට ආරක්ෂක අමාත්‍ය හිටපු විශේෂ බළකායේ අණදෙන නිලධාරී ප්‍රබෝවෝ සුබියාන්තෝ පළමු වටයේ ජන්ද ගනන්කිරීම් වලින් මේ වන විට 58%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබීමත් සමඟ ඔහූ නව ජනධිපතිවරයා වශයෙන් තේරී පත්වණු ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.

ඊයේ දිනයේදී මිලියන 200කට අධික ජනතාවක් රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 820,000ක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ අතර ඔහු හා තරඟ වැදුණු ප්‍රතිවාදීන් වන Anies Baswedan සහ Ganjar Pranowo පිළිවෙලින් සියයට 25 ක් සහ සියයට 17 ලබා ඇත.

කෙසේ නමුත්, ගංවතුර පැවති මධ්‍යම ජාවා ඇතුළුව අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සමහර ප්‍රදේශවල ඡන්ද විමසීම ප්‍රමාද වූ අතර ජකර්තා අගනුවරට උදෑසන දැඩි ගිගුරුම් සහිත වැසි ඇති වී තිබු අතර ජකර්තා හි ආපදා කළමනාකරණ ඒජන්සියට අනුව, අඛණ්ඩ වර්ෂාවෙන් පසු ඡන්ද මධ්‍යස්ථාන 70 ක් ජලයෙන් යට වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි