×

කැපිටල් කෝලාහලය මෙහෙය වූ ප්‍රවුඩ් බෝයිස් නායකයාට වසර 17 ක සිරදඬුවම්

බිග්ස් තමා සහ ඔහුගේ ව්‍යාපාරය සලකා තිබුණේ, බලහත්කාරයෙන් රජය නැවත ලබා ගන්නා දෙවන ඇමරිකානු විප්ලවයක් ලෙසයි.


2021 ජනවාරි 6 එක්සත් ජනපද කැපිටල් කෝලාහලයට සම්බන්ධ වෙමින් සිය පිරිසට කොංග්‍රසයට කඩා වැදීමට උසිගන්වන්නෙකු ලෙස කටයුතු කළ 38 හැවිරිදි හමුදා නිලධාරියකු ලෙස සේවය කළ අන්ත දක්ෂිණාංශික ප්‍රවුඩ් බෝයිස් නායක ජෝ බිග්ස්ට එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු තිමෝති කෙලී විසින් වසර 17ක් සිර දඬුවමක් ප්‍රකාශයට පත් කරන ලද බව වාර්තා වේ.

ජෝ බිග්ස් දේශද්‍රෝහී කුමන්ත්‍රණ සහ රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණ, බිය ගැන්වීම් හෝ නිලධාරීන්ට තම රාජකාරිය ඉටු කිරීම වැළැක්වීම, සිවිල් ආබාධ අතරතුර නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට පසුගිය මැයි මාසයේදී තහවුරු විය.

බිග්ස් තමා සහ ඔහුගේ ව්‍යාපාරය සලකා තිබුණේ, බලහත්කාරයෙන් රජය නැවත ලබා ගන්නා දෙවන ඇමරිකානු විප්ලවයක් ලෙසයි. කෙසේ නමුත්, උසාවියේදී බිග්ස් තමාට පැනවූ දඬුවම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා සිටි අතර ඔහුගේ ක්‍රියාවන් ගැන කනගාටුව ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි