×

බ්‍රෑන්ඩඩ් වීමේ කතාව 2 – PUMA

PUMA තමයි ලෝකයේ සිටින ශක්තිමත්ම බළලා


බළලෙකුට ජීවිත 9ක් තියෙනවා කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඒත් PUMA කියන්නේ ඒ කියන ආකාරයේ අමතර ජීවිතයක් අවශ්‍ය වර්ගයේ බළලෙක් නම් නෙවෙයි. PUMA තමයි ලෝකයේ සිටින ශක්තිමත්ම බළලා. මේ කතාව PUMA කියන සුප්‍රසිද්ධ ක්‍රීඩා ඇඳුම් සහ උපාංග සන්නාමය පිළිබඳව.

ලොව පුරා සිටින දක්ෂතම සහ කීර්තිමත්ම ක්‍රීඩකයන්ගේ තේරීමක් වශයෙන් PUMA සන්නාමය හැඳින්විය හැකියි. රුඩොල්ෆ් සහ ඇඩොල්ෆ් කියන සහෝදරයන් දෙදෙනා 1924 දී Dassler Brothers Shoe Factory නමින් සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා. 1936 වසරේ පැවති ඔලිම්පික් තරඟාවලිය සඳහා ලෝක ශ්‍රේණිගත ක්‍රීඩකයන්ගේ ත්රීම වෙන්නේ මේ Dassler Brothers සපත්තු.

Dassler සපත්තු පැළඳි ක්‍රීඩකයන් එම ඔලිම්පික් උළලේදී රන් පදක්කම් දිනාගන්නවා. මේ විදිහට Dassler Brothers සපත්තු ලෝකය පුරා ජනප්‍රියත්වයට පත් වෙනවා. කාලය ගතවීමත් සමඟ එම සහෝදරයන් දෙදෙනාගෙන් එක අයෙකු වූ රුඩොල්ෆ් ඩැස්ලර් විසින් Dassler Brothers Shoe Factory මඟින් ලද වත්කමින් PUMA නමින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ 1948 වසරේදී. එම වසරේදීම PUMA සිය පළමු සපත්තු නිෂ්පාදනය පාපන්දු ක්‍රීඩකයන් ඉලක්ක කරගනිමින් The Atom නමින් වෙළඳපොළට නිකුත් කරනවා. The Atom නම1952 වසරේදී Super Atom ලෙස නම් කරනවා. පසුකාලීනව එය Brasil ලෙස නම් කරනවා. මේ අතර 1958 වසරේ ස්වීඩනයේ පැවැත්වුණු පාපන්දු ලෝක කුසලානය දිනා ගන්නට PUMA සපත්තු පැළඳි බ්‍රසීල පාපන්දු කණ්ඩායම සමත් වෙනවා. ඒ ජයග්‍රහණයත් සමඟ ම බ්‍රසීල පාපන්දු කණ්ඩායම ලෝකයේ ජනප්‍රිය වනවාත් සමඟම PUMA සපත්තුද ලෝකය පුරා ජනප්‍රිය වීම ආරම්භ වෙනවා.

ලෝක ප්‍රසිද්ධ පනින බළලාගේ ලාංඡනය PUMA නිෂ්පාදනවලට එකතු වන්නේ 1967 වසරේදී. එය නිර්මාණය කරන්නේ කාටූන් ශිල්පියකු වූ Lutz Backes විසිනුයි. 1979 වසර වන විට පනින බළලාගේ ලාංඡනය සමඟින් PUMA යන වචනයද ඊට එක්කරනවා.

Description 02 : 1960 වසර වන විට PUMA සපත්තු වඩා දියුණු තාක්ෂණය සමඟ නිෂ්පාදනය වීම ආරම්භවන අතර ඒ ඒ නිසා PUMA සපත්තු සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. බ්‍රසීලයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයකු වූ Pelé සහ පෘතුග්‍රීසි පාපන්දු තරුවක් වූ Eusebio Di Francesco, PUMA සපත්තු භාවිතා කළ අතර ඔවුන් අනුගමනය කළ ක්‍රීඩා ලෝලීන් අතර PUMA සපත්තු ඉතා ඉක්මනින් ප්‍රචලිත වෙනවා. ලෝක ප්‍රසිද්ධ පනින බළලාගේ ලාංඡනය PUMA නිෂ්පාදනවලට එකතු වන්නේ 1967 වසරේදී. එය නිර්මාණය කරන්නේ කාටූන් ශිල්පියකු වූ Lutz Backes විසිනුයි. 1979 වසර වන විට පනින බළලාගේ ලාංඡනය සමඟින් PUMA යන වචනයද ඊට එක්කරනවා. 70,80,සහ 90 යන දශකවලදී PUMA නිෂ්පාදන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ජනප්‍රිය වන අතර අලෙවිකරණ ක්‍රියාවලිය තුළද PUMA ලෝකයේම අවධානය දිනාගනු ලබනවා. 2000 වසරේදී PUMA සිය නිෂ්පාදන පුළුල් කිරීමට පියවර ගන්න ලද අතර මේ දක්වා FIFA ලෝක ශූරතා පාපන්දු තරඟාවලිය සඳහා පාපන්දු නිෂ්පාදනය ද අඛණ්ඩව සිදු කරනු ලබනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි