×

ජෝ බයිඩන්ට එරෙහිව දෝෂාභියෝගයක්

ජෝ බයිඩන් සහ ඔහුගේ පුත් හන්ටර් බයිඩන්ගේ ව්‍යාපාරික ගනුදෙනු, විදේශ ව්‍යාපාර පිළිබඳව පසුගිය කාලය පුරාම රිපබ්ලිකනුවන් විමර්ශනය කරණ ලදී.


ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් දියත් කිරීමට රිපබ්ලිකන් ජාතික කමිටුව(COP)T සුදානම් බව එක්සත් ජනපද සභා කථානායක මයික් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.

ජෝ බයිඩන් සහ ඔහුගේ පුත් හන්ටර් බයිඩන්ගේ ව්‍යාපාරික ගනුදෙනු, විදේශ ව්‍යාපාර පිළිබඳව පසුගිය කාලය පුරාම රිපබ්ලිකනුවන් විමර්ශනය කළ අතර සමහර රිපබ්ලිකානුවන් එවැනි ක්‍රියාවන් දෝෂාභියෝගයක් සඳහා පදනම ලෙස භාවිතා කළ හැකිද යන්න පිළිබඳව පවා සැක පල කරන ලදී.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිර උපදේශක කාර්යාලයේ ප්‍රකාශකයෙකු වන ඉයන් සෑම්ස් ප්‍රකාශයක් නිකුත්කර තිබුණේ, මෙය පදනම් විරහිත, දේශපාලනිකව ජනාධිපති බයිඩන්ට බොරුවලින් මඩ ගැසීමේ උත්සාහයක් හා අවුල් සහගත හවුස් GOP වැරදි ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරන බවට කදිම සාක්ෂියක් බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි