×

බ්‍රෑන්ඩඩ් වීමේ කතාව 4 – Rolex

ඔරලෝසු පිළිබඳ කතා කරන විට Rolex ගැන අහල නැති කෙනෙක් නම් හොයා ගන්න එක ලේසි වෙන එකක් නැහැ.


ඔබ අත් ඔරලෝසු භාවිතා කරන්නෙක් නම් ඒ ඔරලෝසුවේ බ්‍රෑන්ඩ් එක ගැනත් අනිවාර්යයෙන් හිතනවා ඇති. ඊට හේතුව ලෝකයේ බොහෝ නිෂ්පාදන සිය සන්නාමය ව්‍යාප්ත කරන්න අත් ඔරලෝසු ගොඩක් වෙලාවට භාවිතා කරන නිසා. ඔරලෝසු පිළිබඳ කතා කරන විට Rolex ගැන අහල නැති කෙනෙක් නම් හොයා ගන්න එක ලේසි වෙන එකක් නැහැ. ඊට හේතුව Rolex ලෝකයේ ජනප්‍රියතම සන්නාමයක් වීම.

මේ ඒ ලොව ජනප්‍රියතම වෙලාව කියන්නා වන “Rolex” බ්‍රෑන්ඩ්ඩ් වීමේ කතාව. 1888 වසරේ උපත ලැබූ හෑන්ස් විල්ස්ඩෝෆ් 1905 වසරේදී ඔරලෝසු බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඊට ටික කලකට පසුව ඔහුගේ බිරිඳ සහ මස්සිනා සමඟ එක්ව ඔහුගේ දිගු කාලීන සිහිනයක් සැබෑ කරගනිමින් ඔරලෝසු බෙදා හැරීමට අමතරව කුඩා අත් ඔරලෝසු නිෂ්පාදනය කරන්නට විල්ස්ඩෝෆ් පටන් ගන්නවා. ඒ විදිහට විල්ස්ඩෝෆ් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ඔරලෝසු “W&D” ලෙස නම් කරනවා. එහෙත් 1908 වසරේදී විල්ස්ඩෝෆ් තමන්ගේ නිෂ්පාදනවලට පහසුවෙන් ශබ්ධ කළ හැකි සහ කුඩා ඔරලෝසු මුහුණත මත පහසුවෙන් ලිවිය හැකි වචනයක් සොයා ගන්නවා. ඒ “Rolex”. 1915 වසර වන විට විල්ස්ඩෝෆ් සිය ඔරලෝසු සමාගම ‘Rolex” ලෙස නම් කරනවා.

 වර්තමාන ලෝකයේ බලගතුම සමාගම් අතරට එක වන්නට Rolex සමත් වෙන්නේ දිනකට ආසන්න වශයෙන් අත් ඔරලෝසු 2000ක් වත් නිෂ්පාදනය කරන නිසා. “Rolex” යනු හුදෙක් සුඛෝපභෝගී වීම පමණක් නොව වටිනාකමට හිමි ගුණාත්මකභාවය නිසාම ආරම්භයේ සිටම “Rolex” සිය පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගන්න සමත් වෙනවා.

1919 වසර වන විට “Rolex” සමඟ විල්ස්ඩෝෆ් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යන්නේ එංගලන්තයේ ඒ වන විට ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්තිය නිසයි. ජිනීවා නුවරදී “Rolex” නොනවතින ගමනක් ආරම්භ කරනවා. ඒ අනුව ඉතිහාසය පුරා “Rolex” නව්‍යකරණ රැසක් සමඟින් වෙළඳපොළට පැමිණෙනවා. බැටරි බලයෙන් ක්‍රියාත්මක වන ඔරලෝසු නිෂ්පාදනයේ ගෞරවය හිමි වන්නේද “Rolex” සමාගමටයි. එසේම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ඔරලෝසු ද “Rolex” නමින් මුල්වරට බිහි වෙනවා. එසේම ජලයෙන් හානියට පත් නොවන ඔයිස්ටර් අත් ඔරලෝසුව Rolex හි විප්ලවකාරී නිෂ්පාදනයක් බවට පත් වෙනවා. වර්තමාන ලෝකයේ බලගතුම සමාගම් අතරට එක වන්නට Rolex සමත් වෙන්නේ දිනකට ආසන්න වශයෙන් අත් ඔරලෝසු 2000ක් වත් නිෂ්පාදනය කරන නිසා. “Rolex” යනු හුදෙක් සුඛෝපභෝගී වීම පමණක් නොව වටිනාකමට හිමි ගුණාත්මකභාවය නිසාම ආරම්භයේ සිටම “Rolex” සිය පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගන්න සමත් වෙනවා. Rolex ලාංඡනය සහිත වෙළඳ නාමය නිර්මාණය වන්නේද යම් අරමුණක් සහිතවයි. එය නිර්මාණය වෙන්නේ Rolex යන අකුරු තද කොළ පැහැයෙන් සහ ඊට ඉහළින් ඔටුන්නක සලකුණක් සහිතවයි.

එම ඔටුන්න රන් පහන් යුක්ත වන අතර ඊට රත්තරන් වර්ණය එකතු කරන්නේ Rolex ඔරලෝසුවල ඇති සුඛෝපභෝගීත්වය වගේම කීර්තිනාමය නිරූපණය කිරීම සඳහායි. හරිත වර්ණය සොබාදහම නිරූපණය කිරීම සඳහා යොදාගෙන ගත්තද Rolex එය යොදාගෙන ඇත්තේ ධනය සහ තත්ත්වය සංකේතවත් කිරීම සඳහාය. මේ සියලු දේ එකතු වීමන් පසු Rolex අත් ඔරලෝසු පළඳින්නා ඔටුන්නක් පැළඳුවා හා සමාන වේ. වර්තමානය ලෝකයේ ජනප්‍රියතම ඔරලෝසු සන්නාමයන් අතරට එක්ව ඇති Rolex මේ වන විට New Sea Dweller, New Yacht – Master II, New Cosmograph Daytona, New Sky Dweller, New Datejust 41, New Datejust 28, New Cellini Moonphase ආදී ලෙස වඩාත් නවීන පහසුකම්වලින් සපිරි ඔරලෝසු වෙළඳපොළට නිකුත් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි