×

ට්‍රම්ප්ට රට බේරාගන්න අවස්ථාව දී ඩිසැන්ටිස් සමුගනියි

නිව් හැම්ප්ෂයර්හි මැතිවරණය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත වන අතර ඩිසැන්ටිස්ගේ ඉවත්වීම අයෝවා දේශපාලන බල මණ්ඩලයේ බලාපොරොත්තු සුන් කරනු ඇති බවයි දේශපාලනික විශ්ලේෂකයන් දක්වන්නේ.


සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ෆ්ලොරිඩාවේ දැඩි දක්ෂිණාංශික ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වූ මැතිවරණ තරඟයෙන් ඉවත්ව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය සහය ලබා දීමට තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල තරඟයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ රොන් ඩිසැන්ටිස් සිය සමාජ මාධ්‍ය වේදිකාව වන Xහි සඳහන් කර තිබුණේ, රිපබ්ලිකන් ජන්ද දායකයන්ගෙන් බහුතරයකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අවස්ථාවක් ලබා දීමට අවශ්‍ය බව තමාට පැහැදිලි වීමත් සමඟ තමා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවත්, තමා ද ට්‍රම්ප්ට සහයෝගය දක්වන බවත්ය.

නිව් හැම්ප්ෂයර්හි මැතිවරණය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත වන අතර ඩිසැන්ටිස්ගේ ඉවත්වීම අයෝවා දේශපාලන බල මණ්ඩලයේ බලාපොරොත්තු සුන් කරනු ඇති බවයි දේශපාලනික විශ්ලේෂකයන් දක්වන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි