×

රුසියානු ජනාධිපතිවරයා බීජිංහිදී , ෂී ජින්පින් හමුවීමට නියමිතයි

චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගෝලීය ගැටුම්වලින් ලෝකය කැළඹී සිටින සමයක රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම මස 16,17යන දෙදින බීජිංහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට සුදානම් බව ක්‍රෙම්ලිනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පුටින් නව මැතිවරණයෙන් 2030 දක්වා පස්වන වරටත් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාරය වශයෙන් චීනයට පැමිණේ,

වසරකට අඩු කාලයක් තුළ රුසියානු ජනාධිපතිවරයාගේ දෙවන චීන සංචාරය මෙය වන අතර මෙවර, ඔවුන්ගේ රැස්වීම පැමිණෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරනයට මාස කිහිපයකට පෙර සහ වොෂින්ටනය ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පසුබෑමකට මුහුන දී සිටින අවධියකය.

චීනය යුක්රේන ගැටුමේ දී රුසියාවට දේශපාලනිකව සහාය දී ඇති අතර, රුසියානු යුද ප්‍රයත්නයට දායක වන ලෙස සැලකෙන යන්ත්‍ර මෙවලම්, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ අනෙකුත් භාණ්ඩ අපනයනය කිරීම දිගටම කරගෙන ගොස් ඇත. එපමණක් නොව රුසියාවත එරෙහිව ලෝකයේ අනිකුත් රටවල් සම්බාධක ප්‍රකාශයට පත්කර ඇතිමුත්, චීනය ක්‍රෙම්ලිනයේ භාණ්ඩාගාර පිරී පවතින බලශක්ති සැපයුම් සඳහා ප්‍රධාන අපනයන වෙළඳපොළක් වන අතර චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි