×

සංයමයකින් කටයුතු කරන ලෙස පුටින් ඉරාන ජනාධිපතිගෙන් ඉල්ලයි

ජාත්‍යන්තර ප්‍රජාවේ අකර්මන්‍යතාවය සහ ඇතැම් බටහිර රටවල විනාශකාරී ක්‍රියාකලාපය ඉරානයට මෑත කාලීන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට බල කළ බව ප්‍රකාශ වේ.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 1දා සිරියාවේ අගනුවර වන ඩැමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊශ්‍රායල් භූමියට පෙර නොවූ විරූ ලෙස ගෙවුණු සති අන්ත ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරයෙන් එල්ල කිරීමෙන් අනතුරුව, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සංයමයකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මැද පෙරදිගට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙන නව ගැටුමක් ඇති කරන ක්‍රියාමාර්ගවලින් වළකින ලෙස පුටින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි බවයි.

මෙහිදී ඉරානය ජනාධිපතිවරා ඉරානය සම්බන්ධයෙන් රුසියාවේ ස්ථාවරය වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර ජාත්‍යන්තර ප්‍රජාවේ අකර්මන්‍යතාවය සහ ඇතැම් බටහිර රටවල විනාශකාරී ක්‍රියාකලාපය ඉරානයට මෑත කාලීන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට බල කළ බව සඳහන් කර තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි