×

තරුණයන්ගේ හීන වලට Bye Bye! Selena සහ Drew Taggart අතර පෙම් හමුවක්!

Selena සහ Drew ඔබ දෙපළට සුභ පැතුම්!


තම ගායන මෙන්ම රංඟන හැකියාවෙන් තරුණයන්ගේ පමණක් නොව තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුව ලබාගත් අපේ කාලයේ ගීත කෝකිලාවිය ඔබ අපකවුරුත් දන්නා සෙලීනා ගෝමස් ය. අද රසබර කතාව දිග හැරෙන්නේ අන්න ඇය පිළිබඳව උණුසුම් පුවතක් සම්බන්ධයෙන් ය.

ඡායාරූප; Yahoo

ඇය මේ දිනවල ඇයගේ තනිකඩ ජීවිතයට සමු දී පෙම් සුව විදින බවට සමාජ මාධ්‍ය කලඹවන පුවතක් මේ දිනවල සැරිසරයි. ඒ වෙන කිසිවෙක් නොව The Chainsmokers හි Drew Taggart ය.

කවුද මේ Drew Taggart?

ඡායාරූප; Promiflash

33 හැවිරිදි ඔහු කඩවසම් කොල්ලෙකි. ඔහු The Chainsmokers සංගීත කණ්ඩායමෙහි එක් පුරුකක් ය. එමෙන්ම රංඟන ක්ශේත්‍රයේ සිහින කුමරෙකි. Drew, 1989 දෙසැම්බර් 31 දින ඇමරිකා එක්සත් ජනපදයෙහි උපත ලැබූ අයෙකි. ඔහු සෙලීනා සමඟ මේ දිනවල පෙමින් බැඳී සිටින බව ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඔහු මීට පෙර දින ගත කළේ Eve Jobs සමඟය.

සුන්දරත්වයත් සමඟම මේ වන විට 30 හැවිරිදි විය පසුකරන Selena සහ Drew ඉකුත් ඉරිදා නිව් යෝර්ක් නගරයේ පන්දු යැවීමේ පිටියක් වන ද ගටර් හි විනෝදජනක අයුරින් දිනයක් ගත කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පළවිය.

ඡායාරූප; Page six

ඔවුන් දෙදෙනා සෙලිබ්‍රිටීස්ලා වූවත් ජනප්‍රියකම පැත්තක දාලා ඔවුන් ඔවුන් ලෙසම සරල ජීවිතයක් ගත කරමින් ආදරයෙන් බැඳීම දැකීමත් සතුටකි. පුහුමාන්නය ඔලුවට අරගෙන තමන්ගේ ජීවිතයේ විකෘතියක ජීවත් වනවාට වඩා සරලව ජීවත්වීම හිතට සැහැල්ලුවක් ගෙන දෙයි.

ඔවුන්ගේ අනාගතය කෙබඳු වේදැයි අපි නොදනිමු! නමුත් Selena සහ Drew ඔබ දෙපළට සුභ පැතුම්!

නිපුනි ලියනගේ

ඡායාරූප; Koimoi



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි