×

යුක්රේනය සහ ඊශ්‍රායලයවෙනුවෙන් බයිඩන්ගේ ආධාර පනත රිපබ්ලිකානුවන් අවහිර කරයි

රිපබ්ලිකානුවන් තර්ක කරන්නේ, යුක්රේනයට යන එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ අරමුදල් සිය රටේ ගැටළු විසඳීම වෙනුවෙන් යෙදවිය යුතු බවයි.


ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්රේනය සඳහා ඩොලර් බිලියන 50 ක් ඇතුළු කියෙව්හි ආන්ඩුව සඳහා මානුෂීය සහ ආර්ථික ආධාර සඳහා මුදල් ද, ඊශ්‍රයල අරමුද්හල් හා ගාසා තීරයට ඩොලර් බිලියන 14ක ආධාර ඇතුළත් ඩොලර් බිලියන 110 (පවුම් බිලියන 87.3)ක ආධාර පැකේජය සෙනෙට් සභාවේ රිපබ්ලිකානුවන් විසින් අවහිර කර ඇති බව වාර්තා වේ.

පනතට එරෙහිව සෙනෙට් සභිකයන් 51 දෙනෙකු සිය ජන්දය ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, කොංග්‍රසයේ රිපබ්ලිකන්වරු පුටින්ට බලාපොරොත්තු විය හැකි ලොකුම තෑග්ග දීමට කැමැත්තෙන් සිටින බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රිපබ්ලිකානුවන් තර්ක කරන්නේ මෙක්සිකෝව සමඟ දකුණු දේශ සීමාව හරහා අධික ලෙස නීතිවිරෝධී සංක්‍රමණය වීම ඉතා වැදගත් ආරක්ෂක අවශ්‍යතාවයක් වන අතර, යුක්රේනයට යන එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ අරමුදල් සිය රටේ ගැටළු විසඳීම වෙනුවෙන් යෙදවිය යුතු බවයි.

මේ වන විට බයිඩන්ගේ පරිපාලනය දැනටමත් ඩොලර් මිලියන 175 අනුමත කර ඇති අතර එම නව ආරක්ෂක ආධාර ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම පැකේජයට මිසයිල සහ කාලතුවක්කු උණ්ඩ ඇතුළු පතොරම් මෙන්ම තීරණාත්මක ජාතික යටිතල පහසුකම් ආරක්ෂා කිරීමේ උපකරණ ඇතුලත්වන බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි