×

ජපන් වෙරළට ගොඩ ගසන මළ මිනී පිරුණු ‘හොල්මන් බෝට්ටු‘ – නූතන ලෝකයේ අබිරහස්

ජපන් ජාතිකයන් ඒවා හඳුන්වන්නේ ‘Ghost ships’එනම් හොල්මන් බෝට්ටු ලෙසයි.


බැලූ බැල්මට ඒවා පෙනෙන්නේ කණපිට හැරවුණු බෝට්ටු වාගේය. නමුත් ඒවායේ ඇතුළත පිරී ඇත්තේ මළ කඳන් වන අතර, එම මළ කඳන් සේලරුවන්ගේය. එනම් නාවිකයන්ගේය.

හඳුනා නොගත් නාවික මළසිරුරු සහිත මේ කුඩා ලී බෝට්ටු එන්නේ කොහෙන්ද? මේවායේ මියගොස් සිටින්නේ කවුද? ඒවා නොවිසඳුණු අබිරහස් ය.

බොහෝ අය සිතන්නේ මේ පුංචි ලී බෝට්ටු පැමිණෙන්නේ උතුරු කොරියාවෙන් බවයි. ඒවා ජපන් වෙරළට ගොඩ ගසන්නේ නොවිසඳුණු, අනියත ගමනාන්තයක් වෙත සිදුකරන පරාජිත ගමන්වලින් පසුව බව සිතයි.

මේවා නිතරම පාහේ ගොඩගසන්නේ ජපානයේ ඕගා (Oga) වෙරළ තීරයටයි. ඕගා නගරය, අටිකා පර්ෆෙක්චර් අසල පිහිටා තිබෙන කුඩා අර්ධද්වීපයකි. කොහොම වුණත් මේ වසරේ නොසිතූ විරූ පරිදි විශාල බෝට්ටු ප්‍රමාණයක් ඕගා වෙරළ තීරයෙන් මතු වී ඇත. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

මේ අබිරහස තවමත් විසඳී නැත.

පසුගිය දෙසැම්බරයේ පටන් මේ දක්වා ගොඩ ගැසූ කුඩා ලී බෝට්ටු තුළ තිබී සොයාගත් මළ සිරුරු ප්‍රමාණය 35 කි. ලී බෝට්ටු 103 ක් වෙරළට ගොඩ ගසා තිබුණේය. මළ සිරුරුවලින් අනන්‍යතාවය තහවුරු කර ගෙන තිබෙන්නේ මළසිරුරු 13 ක පමණයි.

මෙම සමහර බෝට්ටුවල ජීවිතයත් මරණයත් අතර පසුවන, බාගෙට මැරුණු මිනිසුන්ට සමාන කොරියානු ධීවරයන් හමු වී තිබේ. නමුත් ඔවුන් උතුරු කොරියානු ධීවරයන් නොව දකුණු කොරියානු ධීවරයන් ය. නමුත් එම බෝට්ටුවල ඔවුන් සමගම තිබී හමුවුණු අනෙක් මළසිරුරුවලින් බොහොමයක්, බාගෙට ඇට සැකිළි මතුවන තරමට දිරාපත් වී තිබේ.

මේ අතර සමහර බෝට්ටු නොපිට පෙරළා බලන විට ජීවතුන් අතර සිටින උතුරු කොරියානුවන් ද විටින් විට හමු වේ.

මේ බෝට්ටු හමුවී ඇති සමහර අවස්ථාවක පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට ද වඩා අඩු අගයක තිබී ඇත. එනම් එය මිනිසෙකුට ජීවත් වීමට සුදුසු උෂ්ණත්වයක් නම් නොවේ.

මේ වන විට ඕගාවේ තොසෙන්ජි පන්සල වෙත නගර බලධාරීහු විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ, හඳුනානොගත් මළසිරුරුවල අවශේෂයන් හැකිතාක් කාලයක් පන්සල භාරයේ තබාගන්නා ලෙසයි. ඇතැම් මළසිරුරු එහිදී පුළුස්සන අතර, ඒවායේ අළු ද, ඩීඑන්ඒ සාම්පල ද ආරක්ෂා කර ගන්නා ලෙස බලධාරීන් මේ පන්සලෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, කිසියම් දිනෙක මේ මිනිසුන්ගේ පවුල්වල අය හෝ ඥාතීන්ට ඒවා හඳුනාගන්නට අවශ්‍ය වුවහොත් එයට සහනයක් වීම සඳහා ය.

[embedyt] https://www.youtube.com/watch?v=JYzunl3zpbE[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි