×

ස්පාඤ්ඤයේ අගමැතිගේ බිරිඳට දුෂණ චෝදනා එල්ල වේ

අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව ඇත,


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් සිය බිරිඳ වන බෙගෝනා ගෝමස්ට එරෙහිව එල්ලව ඇති දුෂණ චෝදනාවන්ට එරෙහිව අධිකරණ පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු තමාගේ රාජකාරියෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව ඇති අතර සමාජවාදී නායකයකුවන අගමැති පෙඩ්රෝ සැන්චෙස් මේ සම්බන්ධයෙන් සඳහාන් කර තිබුණේ, තම බිරිඳ බෙගෝනා ගෝමස්ට එරෙහි චෝදනා අසත්‍ය නමුත්, සඳුදා දක්වා තම මහජන න්‍යාය පත්‍රය අවලංගු කරන බවත් ඉදිරියේ දේශපාලන අනාගතය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කිරීමට මාධ්‍ය හමුවට පැමිණෙන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි