×

බයිඩන්ගේ මතකය පිළිබඳව අවුලක්

'බයිඩන් හොඳ අදහස් ඇති, දුර්වල මතකයක් ඇති වයෝවෘද්ධ මිනිසෙක්..'


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 10,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිය තුළ ඇමරිකානු ජනාධිපත් 81ක් හැවිරිදි ජෝ බයිඩන් ලෝක නායකයන් කිහිප දෙනෙකුගේ නම් පටලවාගැනීම හේතුවෙන් එක්සත් ජනපද නීතීඥවරයෙකු වූ විශේෂ උපදේශක රොබට් හර් විසින් ජෝ බයිඩෙන් මතකය දුර්වල වී ඇති බවට චෝදනා කර අධිකරණ දෙපාර්තමේන්තු නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

බිඩෙන් රහසිගත ලියකියවිලි හැසිරවීම සම්බන්ධයෙන් මාස 15 ක විමර්ශනයකින් පසුව රොබට් හර් සිය වාර්තාවේ සඳහන් කර තිබුණේ බයිඩන් හොඳ අදහස් ඇති, දුර්වල මතකයක් ඇති වයෝවෘද්ධ මිනිසෙක් ලෙසයි.

උප ජනාධිපති කමලා හැරිස් මෙම වාර්තාව පැහැදිලිවම දේශපාලන පළිගැනීමක් ලෙස සඳහන් කර තිබු අතර ජනාධිපතියා යහපත් මානසික තත්වයකින් සිටින බවට තහවුරු කර තිබිණ.

කෙසේ නමුත්, මෙම වාර්තාව මැතිවරණ වසරක අනවශ්‍ය ගැටලුවක් ලෙසයි ධවල මන්දිර නීති උපදේශක කාර්යාලයේ ප්‍රකාශක ඉයන් සෑම්ස් සඳහන් කර තිබුණේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි