×

නිමාවක් නැති සුඩාන අරගලය; ප්‍රධාන අගනගරයටත් ප්‍රහාර

RSF වඩ් මදනි සියතට ගන්නේ නම්, එය සැබවින්ම සුඩානයේ හදවත අතුගා දැමීමක් වන බව විචාරකයන් සඳහන් කර තිබේ.


සුඩානයේ රාජ්‍ය හමුදාව සහ නීත්‍යානුකූල නොවන හමුදා කණ්ඩායමක් වන රැපීඩ් සපෝ(ර්)ට් ෆෝසස් (RSF) අතර අතර පවතින ගැටුම් මේ වන විට මාස 8ක් පුරා පවතින අතර සුඩානයේ ප්‍රධාන අගනගරයක් වන අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සත්කාරකත්වය සපයන වඩ් මදානි වෙතද RSF ප්‍රහාර දියත් කළ බව වාර්තා වේ.

වඩ් මදානි හමුදා පාලනය යටතේ පවතින අතර මෙම ප්‍රහාරයත් සමඟ ප්‍රදේශය පුරා බිය ඇතිව ඇති අතර වඩ් මදානි වැසියන් ප්‍රකාශ කරන්නේ, RSF ප්‍රදේශයේ බලය ලබා ගතහොත් නිවාස කොල්ලකෑමට, පිරිමින් මරා දැමීමට සහ ස්ත්‍රීන් දූෂණය කරනු ඇති බවයි.

මේ වන විටත් නගරය ආක්‍රමණය කර බැංකු සහ කඩසාප්පු කොල්ලකෑම් වාර්තා වී ඇති අතර හමුදාව ගුවන් ප්‍රහාරවලින් ප්‍රතිචාර දක්වා ඇත. නිරායුධ තරුණයින් අත්අඩංගුවට ගැනීම් සහ ඝාතනය කිරීම් පිළිබඳවද වාර්තා වන අතර සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පටවල දැක්වෙන්නේ, සිවිල් ඇඳුමින් සැරසුණු තරුණයන් දුසිම් ගණනකගේ මළ සිරුරු වඩ් මදනි වීදියේ විසිරී ඇති බවයි.

කෙසේ නමුත් වඩ් මදානි යනු සුඩානයේ නගර කිහිපයකට ප්‍රවේශ දොරටුවක් වන අතර RSF වඩ් මදනි සියතට ගන්නේ නම්, එය සැබවින්ම සුඩානයේ හදවත අතුගා දැමීමක් වන බව විචාරකයන් සඳහන් කර තිබේ. පසුගිය සතිය තුළ RSF නායක මොහොමඩ් හම්දාන් නැගෙනහිර අප්‍රිකානු කන්ඩායම IGAD හි අනුග්‍රහය යටතේ මෙම මස අගදී හමුදා ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් හමුවීමට එකඟත්වය ප්‍රකාශ කර තිබුනද, එම හමුව අවිනිශ්චිත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි