×

සුඩානයේ සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන පහකට අධික පිරිසක් අවතැන් වේ

ජනගහනයෙන් අඩක් පමණ වන සුඩාන ජාතිකයන් මිලියන 24.7කට මානුෂීය ආධාර සහ ආරක්ෂාව අවශ්‍ය වේ.


ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් විසින් මෙහෙයවන ලද හමුදාව සහ මොහොමඩ් විසින් අණ දෙන ලද ප්‍රතිවාදී වේගවත් ආධාරක බලකාය (RSF) අතර අප්‍රේල් මැද භාගයේ සිට ඇති වූ සටන් හේතුවෙන් මිලියන පහකට අධික සිවිල් පුරවැසියන් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සරණාගත ඒජන්සිය වන UNHCR සඳහන් කර තිබේ.

තවත් මිලියන 1.1 ක ජනතාවක් අසල්වැසි රටවලට පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන් 750,000 කට වැඩි පිරිසක් ඊජිප්තුවට හෝ චැඩ් වෙත පලා ගොස් ඇති බව රජයේ ආරංචි තහවුරු කර තිබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සරණාගත ඒජන්සියට අනුව, ජනගහනයෙන් අඩක් පමණ වන සුඩාන ජාතිකයන් මිලියන 24.7කට මානුෂීය ආධාර සහ ආරක්ෂාව අවශ්‍ය වේ.

සුඩානයේ සිට ආරක්ෂාව පතා විවිධ රටවලට යන අය අතර අධික මන්දපෝෂණ අනුපාත සහ කොලරාව සහ සරම්ප වැනි රෝග පැතිරීම ඇතුළුව දරුණු සෞඛ්‍ය තත්වයක් පෙන්නුම් කරන අතර වෙළඳ මාර්ග කඩාකප්පල් වීම හේතුවෙන් ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන හිඟය උග්‍ර වී ඇති අතර එය මිල ද ඉහළ යාමට හේතු වී තිබේ.

සුඩානයේ පවතින සන්නද්ධ අරගලය වෙනුවෙන් එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අවස්ථා ගණනාවකට සම්බන්ධව සටන් විරාමයන් දියත් කරද මේ වෙන තෙක් ඒවා ප්‍රතිඵල රහිත තත්වයට පත්ව තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි