×

චීන තර්ජන මධ්‍යයේ තායිවාන් මැතිවරණය අද පැවැත්වේ

මෙවර මැතිවරණය ජීවනෝපාය ගැටළු, බීජිං සමඟ එහි සබඳතා යළි හැඩගස්වාගත හැකි ආකාරයත්, එක්සත් ජනපදය හා විදෙස් ලෝකයට තායිවානය නිරාවරණය ආකාරයත් තීරණය කෙරේ.


සටහන : සශිකලා මධුෂාණි, ජනවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :

චීනයේ තර්ජන මධ්‍යයේ මිලියන 24 ක ජනතාවක් සිටින ස්වයං-පාලන දිවයින නව ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුව නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් අද(13) දින මැතිවරණය පැවැත්වෙන බව වාර්තා වේ.

අද උදෑසන ආරම්භ වූ ජන්ද ප්‍රකාශ කිරීම සවස 4න් පසු නිමා වෙන අතර මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රතිඵල අපේක්ෂා කෙරේ.

විවිධ දර්ශනයන්ගෙන් යුත් අපේක්ෂකයන් තිදෙනෙකු මෙවර ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්ව ඇති අතර දිවයිනේ ප්‍රථම කාන්තා නායිකාව වන ජනාධිපති සායි ඉන්ග්-වෙන්, නගරාධිපතිවරයෙකු සහ හිටපු පොලිස් ප්‍රධානියෙකු වන Hou Yu-ih හා කෝ වෙන්-ජේ මෙලෙස ඉදිරිපත්වන තරඟ කරුවන්ය.

ජනාධිපතිනි සායි ඉන්ග්-වෙන් පසුගිය වසර අට තුළතායිවානයේ ගෝලීය පැතිකඩ ඉහළ නංවා ඇත, ප්‍රජාතන්ත්‍රවාදී බලවතුන් සමඟ එහි සබඳතා ශක්තිමත් කර ඇත, සමලිංගික විවාහ නීතිගත කළ ආසියාවේ ප්‍රථම ස්ථානය තායිවානය කිරීම ඇතුළුව ඇයගේ බලයට පත් වීමත් සමඟ ආර්ථික හා මිලිටරි බලය ඉහල නංවා ඇත.

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තායිවානය කිසි විටෙකත් පාලනය කර නොතිබුණද එය තම භූමිය ලෙස ප්‍රකාශ කරයි. ජනාධිපති ෂි ජින්පින් තායිවානය ප්‍රධාන භූමිය සමඟ ඒකාබද්ධ කිරීම ඓතිහාසික නොවැළැක්විය හැකි දෙයක් ලෙස හඳුන්වා ඇති අතර ප්‍රතිඵල තායිවානයේ අනාගතය තීරණය කරනවා පමණක් නොව මෙවර මැතිවරණය ඔවුන් සාමය සහ යුද්ධය, සෞභාග්‍යය සහ පරිහානිය ලෙසද හඳුන්වා තිබේ.

මෙවර මැතිවරණය තායිවානයේ ජීවනෝපාය ගැටළු, බීජිං සමඟ එහි සබඳතා යළි හැඩගස්වාගත හැකි ආකාරයත්, එක්සත් ජනපදය හා විදෙස් ලෝකයට තායිවානය නිරාවරණය ආකාරයත් තීරණය කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි