×

රාජාණ්ඩුවට අපහාස කළ තායි මන්ත්‍රීනියට වසර හයක සිර දඬුවම්

තායිලන්තයේ රාජාණ්ඩුව විවේචනය කිරීමට සම්බන්ධ එක් එක් චෝදනාවන්ට වසර 15ක් දක්වා සිරගත කළ හැකිය.


සමාජ මාධ්‍ය ඔස්සේ රටේ බලවත් රාජාණ්ඩුවට අපහාස කිරීම හේතුවෙන් තායිලන්ත ප්‍රගතිශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීනියක වන 29 හැවිරිදි රුක්චනොක් ශ්‍රීනෝර්ක්හට වසර 6ක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් මහා වජිරලොංකෝන් රජුට අයත් සමාගමකට පැවරීමේ තීරණයක් විවේචනය කිරීම ඇතුළුව X හි පළ කරන ලද රාජාණ්ඩු විරෝධී ද්වේශ සහගත අදහස් හේතුවෙන් එරට ක්‍රියාත්මක වන ලෙස්-මැජෙස්ටි නිතිය හා පරිගණක අපරාධ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය අධිකරණයෙන් වැරදිකරු බවට පත් විය.

තමන් නිවැරදිකරු බව පිළිගත් රුක්චනොක් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ හා සමාන ක්‍රියාකාරකම්වල නොයෙදීමේ කොන්දේසිය මත ඇයට බාට් 500,000 (පවුම් 11,150) සඳහා ඇප ලබා දෙන ලදී.

රුක්චනොක් ශ්‍රීනෝර්ක් තරුණ නායකත්වයෙන් යුත් විරෝධතාවලට සම්බන්ධ වූ ක්‍රියාකාරිනියක වන අතර, ඇය පසුගිය මැතිවරණයේදී අතිශයින්ම ධනවත් සහ බලවත් රාජකීය පවුලට ප්‍රතිසංස්කරණ ගෙන ඒම ඇතුළුව රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට මහජන මනාපය ඉල්ලා සිටිනු ලැබිය. ඇය වැඩිම මනාප ලැබුවද ආණ්ඩුවක් පිහිටුවීමට තරම් අසන අහිමි විය.

තායිලන්තයේ ලොව ඇති දැඩි ලෙස්-මැජෙස්ටි නීති වලින් එකක් වන අතර, ඒ යටතේ රාජාණ්ඩුව විවේචනය කිරීමට සම්බන්ධ එක් එක් චෝදනාවන්ට වසර 15ක් දක්වා සිරගත කළ හැකිය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි