×

හැම්බර්ගරයේ කතන්දරේ

මේ, කොතරම් ශාක භක්ෂක වෙන්නට උත්සාහ කළත් අපව එයින් වළක්වන හැම්බර්ගරයේ ඉතිහාස කතාවයි.


කාබන් ෆුට්ප්‍රින්ට් අවම කර ගැනීමේ අරමුණින් මේ වන විට ලොව පුරා සමාගම් ගණනාවක් රතු මස් (රෙඩ් මීට්) පරිභෝජනය අත හැර තිබේ. නමුත් මේ, කොතරම් ශාක භක්ෂක වෙන්නට උත්සාහ කළත් අපව එයින් වළක්වන හැම්බර්ගරයේ ඉතිහාස කතාවයි.

මැක්ඩොනල්ඩ්ස් වෙතින් ඔබට ලබා ගත හැකි බර්ගර් හෝ ඩ්‍රයිව්-තෘෘ එකක් තුළින් හෝ දැක නැති අමුද්‍රව්‍ය සහිත විසිතුරු බනිසයක පවා මූලාරම්භය පොඩි කරන ලද මස් මිශ්‍රණයකි.

පැරණිතම හැම්බර්ගර් ඥාතියෙකු වන ‘මස් ටාටාර්‘ (මීට් ටටාර්) උපත ලැබුවේ එක්සත් ජනපදයට බොහෝ දුරිනි. එය මුලින් ප්‍රංශ සම්භවයක් ගත්තේය. රයි සහ අමු බිත්තරයක් සමඟපිළිගන්වන අමු හරක් මස් පිඟානක් ඕනම ප්‍රංශ කඩයකින් සොයාගත හැකිය. නමුත් එහි මූලාරම්භය ඊටත් වඩා නැගෙනහිරට දිව යයි. මෙම මස් විලාසිතාව සැබවින්ම පැමිණෙන්නේ නූතන රුසියාවේ මිනිසුන් කණ්ඩායමක් වන ටාටාර්වරුන්ගෙනි. එම හැම්බර්ගරයට ටටාර් නම එකතු වී තිබීමට හේතුව වන්නේ ද එයයි.

අමු මස් කෑ තතාර්වරු (ටටාර්වරු)

Printerest
Printerest

13 වන ශතවර්ෂයේ දී, වරකට දින ගණනක් අශ්වාරෝහකව ගමන් කරමින් සිටියදී, ටාටාර්වරු එළුමස් – බැටළු මස් ආදිය ඔවුන්ගේ සෑදල යට තබා, පසුව එය කපා අමු ලෙස අනුභව කළහ. අනතුරුව මෙම ආහාරය බෝල්ටික් මුහුදේ වරායන් කරා යාත්‍රා කර ඇත. අවසානයේ එය ජර්මනියට පැමිණියේය. සාම්ප්‍රදායික හරක් මස් පිසීම ආරම්භ වී ඇත්තේ ජර්මනියෙන් බව පිළිගැනෙන අතර ඔවුන් පිසින ලද මස්, ලුණු හා තම්බන ලද අල සමග පිළිගැන්වීම සිදු කරන ලදී.

අත්ලාන්තික් සාගරය හරහා මිනිසුන් නිව්යෝක් වෙත සංක්‍රමණය ආරම්භ වීමත් සමග ඔවුන් “හැම්බර්ග් විලාසිතාවේ ‘ස්ටීක්‘ සෑදීමට පටන් ගත් අතර, එය අවසානයේදී නැගෙනහිර වෙරළ තීරය සහ මැදපෙරදිග රාජ්‍ය ප්‍රදර්ශන සඳහා ද පොළඹවන ලදී.

අමු මස්වලින් සාදන ලද මේ ආකාරයේ ස්ටීක්, තතාර්වරුන්ගේ සොයාගැනීමකි. මේවා අද ද ලොව ප්‍රධාන පෙළේ අවන්හල්වල දැකගත හැකිය.

හැම්බර්ගර් ඉතා ඉක්මනින් හා නිෂ්පාදනය කිරීමට පහසු වීමත් සමඟම, එය ක්ෂණික ආහාර වෙළඳ භාණ්ඩයක් ලෙස ලොවම අල්ලා ගැනීමට පටන් ගත්තේය. 60 දශකයේ මැද භාගය වන විට මැක්ඩොනල්ඩ්ස් ජාත්‍යන්තරය අල්ලා ගත් අතර, වෙන්ඩි සහ බර්ගර් කිං ද ඒ ආසන්නයට පැමිණීමට සමත් විය.

එබැවින් ඔබේ ප්‍රියතම බර්ගර් එක විනාඩියකින් හෝ දෙකකින් ලබා ගත හැකිද? එය පිළියෙළ කර තිබෙන්නේ අති නවීන කුස්සියකද? නැතිනම් කොහේ හෝ තැනක තිබේද? නමුත් එක දෙයක් අමතක නොකරන්න. ඔබ ආහාරයට ගන්නා සෑම හැම්බර්ගර් එකකටම තතාර්වරුන් අමු මස් කෑ යුගය දක්වාම දිවෙන ඉතිහාසයක් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි