×

කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන 65) වටිනා සහනාධාර පිරිනමා ඇති මුත් එය නොසන්සුන්තාව මැඩපැවැත්වීමට අසමත් වී තිබේ.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයෙන් පාලනය වන කශ්මීර කලාපයේ පිටි මිල සහ විදුලි මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් දහස් ගණන් ජනතාව වීදි බැස සිටි අතර ඊයේ(13) දිනයේ විරෝධතාවයන් අතරතුර තිදෙනෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රාදේශීය අගනුවර වන මුසාෆරාබාද් හි පැරාමිලිටරි භටයන් හා විරෝධකරුවන් අතර උත්සන්න වූ ගැටුම් හේතුවෙන් හමුදාව විරෝධතා කරුවන් වෙත වෙඩි උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර ඇති අතර මේ වන විට එම කලාපයේ පාසල්, පොදු ප්‍රවාහනය රජය විසින් නවතා දමා ඇත.

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන 65) වටිනා සහනාධාර පිරිනමා ඇති මුත් එය නොසන්සුන්තාව මැඩපැවැත්වීමට අසමත් වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි