×

ටයිටැනික් II ඉරණම් ගමනට සූදානම්!

ජැක්-රෝස ආදර අන්දරය කඳුලින් නිමා කරමින් අයිස්පරයක හැපී මුහුදු බත් වුණු ටයිටැනික් නෞකාව දැන් නැවතත් ඉදි වෙලා.


චීනයේ නිර්මාණයක් වන මේ නෞකාව, හැම අතින්ම ටයිටැනික් නෞකාවට සමාන සේම එය ගමන් ගැනීමට සූදානම් වන්නේතේ අත්ලාන්තික් සාගරය හරහා එදා ගිය ඉරණම් ගමනේමය. Titanic II to set to sail in 2022

වසර 2022 දී එය දියත් කිරීමට දැන් සිටම හැම දෙයක්ම සූදානම් වෙමින් තිබේ. මගීන් 2,400 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 900 දෙනෙකු සමග එය දියත් කරනවා ඇත.

ඩුබායි සිට නිව්යෝක් කරා යන ගමනේදී නෞකාව සදම්ටන් වෙත ද පැමිණෙනවා ඇත. එය ටයිටැනික් නැවට එදා යාමට බැරි වූ සති දෙකේ චාරිකාවයි.

පළමු ටයිටැනික් නෞකාව මුහුදුබත් වූයේ 1912 වසරේ අප්‍රේල් 12 වැනිදාය. දියත් කර පැය 3කටත් අඩු කාලයකදී එය අයිස්බර්ගයක හැප්පුණේය.

Today Show

ජැක්- රෝස්ගේ පියගැට පෙළ එදා| Today Show

එදා ටයිටැනික් නෞකාවේත් අද ටයිටැනික් නෞකාවේත් වෙනසක් තිබේ නම් ඒ තාක්ෂණික අංශයෙනි. නූතන තාක්ෂණික නැවිගේෂන් උපක්‍රම ඒ සඳහා යොදාගැනීමට නියමිත ය. මුල් ටයිටැනික් ආකෘතියට නූතන තාක්ෂණය මුසු කරමින් දෙවැනි නෞකාව ඉදිකර ඇත. නමුත් නෞකාව තුළට අන්තර්ජාල පහසුකම් ලබානොදීමේ තීරණයක් ද ගෙන තිබේ.

ජැක් -රෝස්ගේ පියගැටපෙළ අද

ජැක් -රෝස්ගේ පියගැටපෙළ අද

නෞකාව හිමි Blue Star Line සමාගම පවසන්නේ තමන් ‘පරිපූර්ණ ටයිටැනික් අත්දැකීමකට‘ සූදානම් වන බවයි.

මෙය වසර ගණනකට පෙර වැඩ නිම කිරීමට තිබූ ව්‍යාපෘතියක් වූ නමුත් යම්කිසි මූල්‍ය අර්බුදයක් හේතුවෙන් මේ නෞකාවේ වැඩ අදාළ කාලයේදී නිම කිරීමට ඉඩ ලැබුණේ නැත.

Classic: the gymnasium on the ship

Classic: the gymnasium on the ship

ටයිටැනික් නෞකාවේ කතාන්දරය විපතකින් අවසන් වුවද, එය ලෝකයේ සදාකාලික ආදර කතාවක් ලියා තැබුවේය. ජැක්-රෝස් යුවළ ටයිටැනික් චිත්‍රපටය හේතුවෙන් ලෝකයේ පරමාදර්ශී පෙම් යුවළ බවට පත්විය. ඉදිරියේදී ද එය එසේම වනු ඇත. මේ අත්දැකීම විඳ ගැනීම සඳහා අලුත් ටයිටැනික් නෞකාවට ගොඩ වැදීමට දැනටමත් මිලියන ගණනකගෙන් ඉල්ලුම තිබෙන බව පැවසේ.

කිසිම දවසක ගිල්වා දමන්නට බැරි යැයි කියූ ටයිටැනික් නෞකාව සිය මංගල චාරිකාවේදීම ගිලී යාමට හේතු ගණනාවක් ඉදිරිපත් කෙරිණි. මේ නෞකාවේ බිම් තට්ටුවේ මමියක් ප්‍රවාහනය කරමින් තිබූ නිසා එහි ශාපය හේතුවෙන් නෞකාව ගිලී ගිය බවට ද මති මතාන්තර තිබේ. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුණත්, ටයිටැනික් II නෞකාව නම් මේ වතාවේ මමියක් නැවට ගොඩ කර ගන්නා එකක් නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි